464. පංච භෝජන යනු මොනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පංච භෝජන යනු මොනවාද? මේවා පිදීමේ විශේෂ අනුසස් වේද? කරුණාවෙන් පහදා දෙන්න.

A / R. “ඔදනො - බත්, කුම්මාසො - පිට්ටු වර්ග, සත්තු - පිටිවලින් සාදන කෑම වර්ග, මච්ඡො - දිය මස්, මංසං - ගොඩ මස්.”

[435. ‘‘කති නු ඛො, භන්‌තෙ, භොජනා’’ති? ‘‘පඤ්‌චිමෙ, උපාලි, භොජනා. කතමෙ පඤ්‌ච? ඔදනො, කුම්‌මාසො, සත්‌තු, මච්‌ඡො, මංසං – ඉමෙ ඛො, උපාලි, පඤ්‌ච භොජනා’’ති]

“ආයුෂය - ශරීරවර්ණය - සැපය - ශරීර ශක්තිය - ප්‍රඥාව යන කරුණු පස සත්ත්වයනට ඉතා උසස් කරුණු පසෙකි. එබැවින් ඒවා ලැබීමට හේතුවන ආහාර දානය ආහාර පූජාව උසස් දානයක් උසස් පූජාවක් වේ. එය උසස් පිනක් වේ.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll