620 - බුදුහිමියන්ගේ උස මැනිය හැකි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බුද්ධ ශරීරයේ උස මැනීමට උත්සාහ කල බමුණාගේ කතාව සඳහන් වන්නේ කොහේද ?

A / R. “එක්සමයෙක්හි අප්රරමාණදර්ශදනාවකාශ ඇති අප තිලෝගුරු බුදුරජානන්වහන්සේ අද්භූත වූ බුඞලීලාවෙන් යුක්ත ව මහා සඞ්ඝයා වහන්සේ පිරිවරා රජගහ නුවරට වඩනා සේකැ. එකල්හි රාජගහනුවර වසන්නා වූ අතුල නම් බ්රාරහ්මණයෙක් තිලෝගුරු බුදුරජානන්ගේ වැඩ සිටි උස පමණ දැනගන්ට ශක්රබ, බ්රකහ්ම, විෂ්ණු, මහෙශ්වරාදි වූ කවරතරම් සෘඬිමත් පුරුෂයකු හටත් බැරි යැ යි යනු අසා, “දොළොස්රියන් පමණ උස ඇති ශ්රෂමණභවද් ගෞතමයන්ගේ මඬ්යනමපුරුෂරූපය උස විතරක් කුමක් පිණිස දැන ගන්ට බැරි දැ” යි තමා මහනුවණැති හෙයින් දෝ හෝ, සැටරියන් උස හුණදඩක් ගෙණවුත් බුදුන් රජගහනුවරට වදනා කල්හි මහවහසල්දොර සම්පයෙහි දී උස මැනැගන්නා පිණිස බුදුන් ලග හුණලීය අල්වා ගෙණ සිටියේ ය. එකල්හි බමුණා ගත් සැටරියන් දිග හුණලීය බුදුන්ගේ දනමඬලට විනා මඳකුත් දික් නුවුයේ යැ. එකල්හි මා ගෙණාවේ ලුහුඬුහුණද‍ඬෙක් වනැ යි සිතා දෝ හො! දොමනස් ව තමාගේ ගෙට ගොස් දෙවන දවස් එසේ ම සැටරියන් උස හුණදඩු දෙකක් මතුමත්තෙහි තබා බැඳගෙණ එක්සියවිසිරියන් උස ඇති එ කියන හුණදඩ ගෙණ ගොස් මහවහසල්දොරැ සිට ගෙණ පළමු දවස් මෙන් බුදුන් රජගහනුවරට වදනාකල්හි උස මැන ගන්නා පිණිස හුණලීය අල්වා ගෙණ ලඟ සිටියේ ය. එකල්හි අද්භූත ප්රසමාණ ඇති තිලෝගුරු බුදුහු බමුණා මතු මත්තෙහි බැඳ ගෙණ සිටි හුණලී දෙක මුදුනෙන් එසේ ම හුණලීදෙකක් වැඩියක් උස පෙණෙන සේකැ.
එකල්හි හුණලීපිට හුණලී බැඳගෙණ බුදුහු වැඩසිටි ප්ර්මාණය මනන්නට උත්සාහ කරණ බමුණා දැක ඕහට වදාරණසේක් ‘එඹල බමුණ! කවර කාරණයක් පිණිස හුණලීපට හුණලී බැඳ ගෙණ මා ලඟ කෙළින් අල්වාගෙණ සිටිහි ද? යි වදාළසේක. එබ සට බමුණු කියන්නේ ‘තොපගේ උස ප්රහමාණය මෙතෙකැ’ යි දැන ගන්නා පිණිස යැ’ යි කී යැ. එබසට බුදුහු වදාරණසේක් ...”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll