Q. රහත් යන තත්වය අපට අපේ සිතට අවභෝධ වෙන්නෙ කෝමද? එම තත්වය ලගා කරගත් පසු සිතෙහි පවතින තත්වය කෝහොමද?
A. A. “නිවන” “රහත් භාවය” ආදිය නැවත හරියටම සිහිකරලා බලන්න පුළුවන්.
B. පුද්ගලයෙක්ගේ සිත් ගණන අනුව තමා සිතේ ස්වභාවය විස්තර කරන්න වෙන්නේ - සිත් ගැන අවබෝධයක් නැතිව විස්තර කරාට තේරෙන්නේ නෑ. අපිට උපරිම සිත් 54ක් ලැබුණට, රහතන්වහන්සේට උපරිම ලැබෙන්නේ සිත් 44 යි - ඒ 44 අනුව තමා රහතන්වහන්සේ සිත විස්තර කරන්න වෙන්නේ. ඒ සිත් 44 ලෝභ-ද්වේශ-මෝහ සිත් එකක්වත් නෑ කියලා දැනට හිතාගෙන, පහත කරුණු අනුසාරයෙන්, තේරෙන කොටස්වලින් අදහසක් ලබා ගන්න.
1. “මාර්ග වීථිවලින් පසු මාර්ගය ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූ ද, ඵලය ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූ ද, නිර්වාණය ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූ ද, ප්‍රහීණ ක්ලේශ ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූ ද, අප්‍රහීණ ක්ලේශ ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූ ද වීථිහු ඇති වෙති. රහතුන්ට අප්‍රහීණ ක්ලේශයන් ප්‍රත්‍යවේක්ෂා කරන වීථියක් නො ලැබේ.”
2. “රහත්හු සාමාන්‍ය ජනයා මෙන් හඬ ලා සිනාසෙන්නාහු නො වෙති. මුහුණ බලා ඉන්නා කෙනකුට ප්‍රීතිමත් වූ බව අඟෙන පරිදි ඇස් දෙක පමණක් මඳක් විවෘත වන සිනාව .... දත්වල අග පෙනෙන හඬ නො නැගෙන සිනාව .... උත්තම පුද්ගලයෝ ඒ දෙයාකාරයෙන් සිනාසෙති. හඬ නගා සිනාසීම නො කෙරෙති.”
3. “සම්පූර්ණ තණ්හාව නැති කළා වූ, මතු කිසි කලෙක සසර නූපදින්නා වූ රහතුන්ට පින් පව් නැත. එහෙත් රහත්හු ද ලෝකයෙහි “පින්” යයි සම්මත වූ පිදිය යුත්තන් පිදීම්, දහම් දෙසීම්, දහම් ඇසීම් ආදි සත් ක්‍රියා කෙරෙති.”
4. “රහත්හු ද සමහර විට ධ්‍යාන උපදවති. නිරෝධ සමාපත්තියට සම වැදිය හැකි වීමට රහත්හු ද අරූප ධ්‍යාන උපදවති.”
5. “ධ්‍යාන ලැබූ පමණින් හෝ රහත් වූ පමණින් හෝ අභිඥා නො ලැබේ.”
6. “රහත් වූ ගිහියෝ පැවිදිවීම හෝ පිරිනිවීම හෝ කෙරෙති. වැඩි කල් ගිහි ව නො වෙසෙති. බූමාටු දෙවිවරු රහත් වුව ද ආයු ඇති තෙක් එසේ ම ජීවත් වෙති. කාමාවචර දිව්‍යලෝකයන්හි අනාගාමීහු බ්‍රහ්ම ලෝකයට හෝ යෙති. රහත් ව පිරිනිවීම හෝ කෙරෙති. දිව්‍ය ලෝකවල අනාගාමීන්ට හා රහතුන්ට වාසය කිරීමට සුදුසු තැන් නැත. රූපාවචර අරූපාවචර භූමිවල සියලු ම ආර්‍ය්‍යයෝ ආයු ඇති තාක් ජීවත් වෙති. රූපාවචර භූමිවලට පැමිණි සෝවාන් සකෘදාගාමි පුද්ගලයෝ ද නැවත කාම ලෝකයට නො එති. වේහප්ඵලය, අකනිට්ඨය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන මේ භූමි තුනට පැමිණි අනාගාමීහු නැවත අන් තැනකට නො යෙති. ඒ භූමිවලදී ම රහත් ව පිරිනිවන් පාති.”
7. “ආලෝකාදිය පහළ වූ කල්හි අව්‍යක්ත යෝගාවචරයා “මට මින් පෙර මෙබඳු ආලෝකයක් - මෙබඳු ප්‍රීතියක් - මෙබඳු නුවණක් කිසි කලෙක ඇති වූයේ නැත. දැන් මා හට මේ පුදුම දේවල් ඇති වන්නේ මාර්ගයට ඵලයට පැමිණ ඇති නිසා ය” කියා භාවනාව හැර දමන්නේ ය. සෝවාන් නො වීම සෝවාන් වූයෙමි යි කියා හෝ රහත් නොවීම රහත් වූයෙමි යි කියා හෝ හැසිරෙන්නේ ය.”
8. “ථීනමිද්ධ සහගත සිත පවත්නා කල්හි ශරීරය ඉරියව්වට අනුරූප වන සේ පිම්බී නොසිට හැකිළී ඒ ඒ අතට බර වේ. නිදා වැටේ. මෙය බොහෝ සෙයින් ශෛක්ෂයන්ට හා පෘථග්ජනයන්ට නිද්‍රාවට පූර්වාපර භාග දෙක්හි ඇති වේ. මෙය අර්හත් මාර්ගයෙන් ප්‍රහාණය කරනු ලැබේ. එබැවින් රහතුන්ට මෙය ඇති නො වේ. රහත්හු කය වෙහෙසට පත් කල්හි එයට විවේක දෙනු පිණිස සිහි නුවණින් යුක්ත ව නිද්‍රාවට යෙති.”
9. “මහරජානෙනි, එපරිද්දෙන් ම යම් හෙතුවකින් රහතන් වහන්සේලා භය වනසේක් ලා ද, තැති ගන්නාසේක් ලා ද, එබඳු වූ හෙතුවෙක් රහතන් වහන්සේලාගේ නැත්තේ ය.”
10. “සියලු බුදු පසේබුදු මහරහතන් වහන්සේලා කර්මක්‍ෂයකරඥානය ලැබුවෝ ය. උන්වහන්සේලාට අනාගත ප්‍රතිසන්ධියක් නැත. පව් කිරීමට හේතුවන සකලක්ලේශයන් ම අර්හන්මාර්ගයෙන් ප්‍රහාණය කෙරෙන බැවින් රහත් වීමෙන් පසු රහතුන් අතින් පව්කම් සිදු නො වේ. රහත් වූ පුද්ගලයන් විසින් කුශල පක්‍ෂයට අයත් දානශීලාදි ක්‍රියා සිදු කරතත් ඒවායින් අනාගත භවයේ විපාක ඇති කරනු නො ලැබේ. ඒවායින් ඒවා කුශලයන් සැටියට නොව ක්‍රියා සැටියට පමණක් සලකනු ලැබේ. දානාදි ක්‍රියා කිරීම් වශයෙන් රහතුන් කෙරෙහි ඇති වන සිත් අභිධර්ම පිටකයෙහි හඳුන්වා තිබෙන්නේ කුශල් සිත්ය කියා නොව ක්‍රියා සිත්ය කියා ය. ලොවුතුරා බුදුවරු ද අර්හත් පුද්ගලයන්ට ම අයත් කොටසකි. බුදුවරුය, පසේ බුදුවරුය, රහත්හුය යන සැමදෙනාට ම අනාගත භවය නැති බැවින් කලින් කළ කුශලාකුශලයන් ගේ විපාක අනාගත භවයන්හි ඇති නො වනවා මිස, පිරිනිවන් පානා තුරු වර්තමාන භවයෙහි අතීත කර්මයන් ගේ විපාක ඇති නො වන බව දැක්වෙන බුද්ධ දේශනයක් පිටකත්‍රයෙහි දක්නට නැත.”
https://pitaka.lk/books/app-index.html