457. කුෂ්ඨ රෝගයට හේතුව?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. රෝහිණී කුමරිය ගේ කුෂ්ඨ රෝගයට හේතුව යන මාතෘකාව යටතේ යම් ධර්ම දේශනාවක් තිබේනම් ලබා දෙන්න. රෝගියෙකු වෙනුවෙන් කරුනාවෙන්. තෙරුවන් සරණයි!

A / R. “මේ කුෂ්ඨ රෝගයට හේතුව තථාගතයන් වහන්සේ මෙසේ වදාළ සේක. ඈ පෙර බරණැස් රජු ගේ අග මෙහෙසිය වී සිටිය දී අන්‍ය අන්තඃපුර ස්ත්‍රියක් කෙරෙහි ක්‍රෝධයෙන් කසඹිළියා පත් ගෙන්වා සුණු කොට ඇගේ නිදන ඇඳේ ගා තබා ඇගේ ඇඟට ද දැමුවා ය. එම ස්ත්‍රිය කසඹිළියා සුණු ඇඟට දැමූ කල තමා නිදන කාමරය වෙත දුව ගොස් යහනේ පෙරළිනි. එහිද දමා තිබූ කසඹිළියා පත් නිසා වේදනාව බලවත් වූවා ය. මෙසේ ක්‍රෝධ සිතින් අනුන්ට කළ විපත තමා වෙත විත් හොඳ නො වන කුෂ්ඨ රෝගයක් සෑදී සමාජයට මුහුණ දීමට නො හැකි තත්වයකට පත් වූ බව වදාළ සේක.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll