Q. ජීවිතේට එන සෑම විදිහකම ප්‍රස්න නිසා සිත් තැවුලෙන් වගේම, සෑහෙන්න මානසිකව කඩා වැටුන කෙනෙකුට, හිතට සහනයක් ලබන්න, හිත සැහැල්ලු කරගන්න, හිත සංසුන් කරගන්න, ප්‍රායෝගිකව කරන්න පුලුවන් විදිහේ, ආරාමයක්, පන්සලක් හෝ ස්වාමීන් වහන්සේ නමක් ගැන පැහැදිලි විස්තරයක් දැනගන්න පුලුවන් විදිහක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන් ද?
මෙය ද කියවන්න!
මෙය ද කියවන්න!
A / R. "කොතරම් කාර්ය බහුල වුවත් ...
1. (පැයකට විනාඩියක් හෝ) ඉතා කුඩා විවේක ගැනීමට අමතක නොකරන්න. එකී විවේක තුළ (හෝ වෙන්කරගත් කාලයක් තුළ, හැකි නම් හුදෙකලා වෙන්න, නිසල නිහඬ තැනකට ගොස් පහසු ඉරියව්වකින්) දෙනෙත් පියාගෙන (දෙනෙත් පියාගැනීම අත්‍යවශ්‍ය ය) දිගුව - සෙමින් - ගැඹුරු හුස්මක් ගෙන, එසේම දිගුව - සෙමින් - ගැඹුරින් පිටකරන්න. හුස්ම ගැනීමේදී නාසයෙන් ද පිටකිරීමේ දී මුඛයෙන් ද ලෙස කිහිපවිටක් (හෝ අවශ්‍ය තරම්) නිදහසේ කරන්න. (හුස්ම ගැනීමේදී හුස්ම හිස් මුදුනේ සිට දෙපතුළ දක්වා කය පුරා ගොස්, හුස්ම පිට කිරීමේ දී සිත කය දෙකෙහි ඇති පීඩනය පිටවන හුස්මත් සමඟ ම සිතින් කයෙන් බැහැර වන බව පරිකල්පනය (imagine) කිරීමට හැකිනම් වඩා වටී.)
හෝ/හා
2. [නැවතත් - (පැයකට විනාඩියක් හෝ) ඉතා කුඩා විවේක ගැනීමට අමතක නොකරන්න.] එකී විවේක තුළ (හෝ වෙන්කරගත් කාලයක් තුළ, හැකි නම් හුදෙකලා වෙන්න, නිසල නිහඬ තැනකට ගොස් පහසු ඉරියව්වකින්) දෙනෙත් පියාගෙන (දෙනෙත් පියාගැනීම අත්‍යවශ්‍ය ය) තමාගේ සිතට එන යන සිතුවිලි දිහා නිදසේ බලා සිටින්න. කුමන සිතුවිල්ලක් පැමිණියද එය පැවැත්වීමට හෝ නැවත්වීමට හෝ අතහැරීමට නොයන්න. සිතුවිලි සමඟ පොර බැදීමෙන් ද වළකින්න. සිතුවිලි වලට නිදහසේ ගලා යාමට දී ඔබ ඒ දෙස (ගඟක් දෙස බලා සිටින්නාක් මෙන්) බලා සිටින්න.
හෝ/හා
3. … එසේ සිතුවිලි දෙස බලා සිටියාක් මෙන් කයට සවන් දෙන්න (Body Listening).
හෝ/හා
4. කෙටි වෙලාවක් හෝ කුමක් හෝ ඔබට ප්‍රිය භාවනාවක් කරන්න.
(ප්‍රමාණවත් නින්ද, සෞඛ්‍ය සම්පන්න ආහාර, සෞඛ්‍ය සම්පන්න ඉරියව් හා පුරුදු, මනස ඉහිල්වන කලා කෘතීන් (විදග්ධ සුමධුර ගීත / නාට්‍ය / ගද්‍ය / පද්‍ය, හාස්‍ය රසය ...), පරිසරය, ජාන, කර්මය - කර්ම විපාක, ධර්ම ශ්‍රවණය / දහම් පොත්-පත් කියවීම, ධර්මය මෙනෙහි කිරීම, ආශ්‍රය, හිමිවීම් / අහිමිවීම්, ඇගයීම් - අවතක්සේරු, ලැබීම් - නොලැබීම් .... ආදී බොහෝ දේ ද මානසික පීඩනය කෙරෙහි (සුබ/අසුබ ලෙස) බලපාන බව කිව යුතුය.)