817. මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් මස් මාංශ භාවිතයෙන් වැළකිය යුතු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් මස් මාංශ භාවිතයෙන් වැළකිය යුතුද..? ධර්මානුකූලව පහදාදෙන්න...
ඔබට තෙරුවන් සරණයි...

A. ස්වමින්වහන්සේලාට දානය නිර්මාංශ විය යුතු ම නොවේ, උන්වහන්සේලා මෛත්‍රී භාවනාව වඩයි. ආහාරය ජීවත් වීම සඳහා ය​.

(පුත්‍ර මාංශ සූත්‍රය, චූලගෝසිංහ සූත්‍රය, ආමගන්ධ සූත්‍රය, ...)

A. පුත්‍ර මාංසෝපම සූත්‍රය බලන්න. මාංශයක් වේවා එලවලුවක් වේවා අන්‍ යමක් වේවා මේ සියල්ල ප්‍රත්‍යවෙක්ශා නුවණින් බැලීමයි කළ යුත්තේ, ධාතු ස්වභාව වශයෙන් පටික්කුලආදි වශයෙන්. මස්මාංස යනු තවත් එක් ආහාරයක් පමනයි, එය ත්‍රිකෝටක පාරිශුද්ධ නම්. බෝහෝ යෝගාවචරයන් මස් මාංස නොගන්නේ වනසේනාසන වල හුදෙකලාව කටයුතු කරන බැවින් එය පලිබෝධයක් විය හැකි නිසා. එමෙන්ම කය පිළිලැගුම් කිරීමට පහසුනිසා; කර්මන්‍ය කිරීමට පහසුනිසා; ඒවගේම ආධ්‍යාත්මය බලවත් කරන අය දෙවියන්ගේ උදව් උපකාර ලැබෙම නිසා. එසේ නොමැතිව එය මෙත් භාවනවට බාධාවක් නොවෙයි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll