398. විදර්ශනාවට ලක් විය යුත්තෙ?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. විදර්ශනාවට ලක් විය යුත්තෙ පන්චස්කන්දය නැමැති දුක හටගැනීමට හේතුව ස්කන්ද ටික නේද?

A / R. “රූපාදිය මගේ ය කියා ද මම ය කියා ද තදින් ගන්නා තෘෂ්ණා දෘෂ්ටි දෙක උපාදාන නම් වේ. සම්පූර්ණ පඤ්චස්කන්ධය ම උපාදානයන් ගේ ගැන්මට හසු නො වේ. උපාදානයන්ගේ ගැන්මට හසු වන්නේ උපාදානයන්ගේ පැවැත්මට ස්ථාන වන්නේ ලෞකික ධර්මයන්ය. ලෝකෝත්තර ධර්ම උපාදානයන්ට හසු නොවේ. සසර දුකින් මිදීමට උපාදාන නැති කළ යුතු ය. ඒවා නැති කළ හැක්කේ උපාදානයන් වැඩීමට ස්ථානවන රූපාරූප ධර්මයන් විදර්ශනා කිරීමෙනි. උපාදානයන්ට හසුවන නො වන ධර්ම දෙ කොටස ම පඤ්චස්කන්ධයට අයත් ය. විදර්ශනාවට ගත යුතු ධර්ම වෙන් කොට දැක්වීම සඳහා උපාදානස්කන්ධ පස වදාරා තිබේ.
රූපෝපාදානස්කන්ධය යනු අටවිසි රූපය ය. රූප ලෞකික බැවින් සියල්ල ම උපාදානයන්ට ස්ථාන වේ.

වේදනෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් අසූ එකෙහි වේදනා චෛතසිකය ය.

සංඥෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් එක් අසූවෙහි සංඥා චෛතසිකය ය.

සංස්කාරෝපාදානස්කන්ධය යනු ලෞකික සිත්වල යෙදෙන ඉතිරි චෛතසික පනස ය.

විඥානෝපාදානස්කන්ධය යනු ලෞකික සිත් එක් අසූව ය.”

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll