Q. තෙරුවන්සරණයි. බුදුන් වහන්සේ ධර්මය දේශනා කොට අවසන් වන විට එම ස්ථානයේ සිටි අය මග පල ලබා ගත් අවස්තා බොහෝමයක් සදහන් වනවා. එයින් අදහස් වන්නේ නිවන අවබොද කර ගැනීමට, අවම මශයෙන් සෝතාපන්න වීමටවත් භාවනා කිරීම අත්‍යාවශ්‍යම නොවේද? භාවනා කිරීම අවශ්‍යනම් පෘතගහනයින් ධර්මය ඇසූ පමනින් මග පල ලැබුවේ කේසේද? තෙරුවන්සරණයි!
A. මාර්ග-ඵල නිර්වානාවබෝධය පිණිස,
1. ඇතැමෙක්ට ධර්මශ්‍රවණය ම භාවනාවක් වේ.
2. ඇතැමෙක්ට ධර්ම දේශනය ම භාවනාවක් වේ.
3. ඇතැමෙක්ට ධර්ම සජ්ඣායනාව ම භාවනාවක් වේ.
4. ඇතැමෙක්ට ධර්ම සම්මර්ශනය ම භාවනාවක් වේ.
5. ඇතැමෙක්ට භාවනාව ම භාවනාවක් වේ.
https://pitaka.lk/main?n=30126 - විමුත්තායතන සූත්‍රය.
“පඤ්ච විමුත්තායතනානීති අත්තනො හිතත්ථාය පරෙහි පවත්තිතධම්මදෙසනාසවනං, පරෙසං හිතත්ථාය අත්තනො යථාසුතධම්මදෙසනා, යථාසුතස්ස ධම්මස්ස සජ්ඣායකරණං, යථාසුතස්ස ධම්මස්ස චෙතසා අනුවිතක්කනං, කසිණාසුභාදීසු අනුකූලං ආරම්මණන්ති, ඉමානි පඤ්ච විමුච්චනකාරණානි. යථාහ – …”
A. “උද්ඝටිතඥැ, විඤ්චිතඥැ, නෙය්‍ය, පදපරම යි පුද්ගලයෝ සතර දෙනෙකි. එහි යම් පුද්ගලයකුට නිදසුන් දැක්වූ මොහොතත් සමග ධර්මාභිසමය වේ. ඒ පුද්ගලයා “උග්ඝටිතඤ්ඤැ” යි කියනු ලැබේ. යම් පුද්ගලයෙකුට ලුහුඬින් පවසන ලද්ද විස්තර වශයෙන් අර්ථය බෙදා වෙන් කරන ලද කල්හි ධර්මාභිසමය වේ ද ඒ පුද්ගලයා “විපඤ්චිතඤ්ඤැ” යි කියනු ලැබේ. යම් පුද්ගලයෙකුට උද්දේස කරන ලදුව, ප්‍රශ්න කරන ලදුව, යෝනිසෝ මනසිකාර කරන ලදුව, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන ලදුව, භජනය කරන ලදුව, පයිරුපාසනය කරන ලදුව අනුපිළිවෙලින් ධර්මාභිසමය ඇති වේ. ඒ පුද්ගලයා “නෙය්‍ය” යි කියනු ලැබේ. යම් පුද්ගලයෙකුට බොහෝ ඇසුව ද, බොහෝ (සිත්හි) දැරුව ද, බොහෝ කියවුව ද, ඒ ජාතියෙහි ධර්මාභිසමයක් නො වේ. ඒ පුද්ගලයා ‘පදපරම’ යි කියනු ලැබේ. එහි භාග්‍යවතුන් වහන්සේ උපුල් වනය සමාන වූ දසසහස්‍රයක් ලෝක ධාතුව බලන සේක් අද පිපෙන මල් පෙන් ‘උග්ඝටිතඤ්ඤැ’ ද හෙට පිපෙන මල් මෙන් “විපඤ්චිතඤ්ඤැ” ද, තෙවැනි දවසේ පිපෙන මල් මෙන් “නෙය්‍ය” ද, මසුන් කැසුබුවන් භක්ෂණය කරන මල් මෙන් “පදපරම” ද දුටු සේක. දකිමින් ම අල්ප රජස්වූවන් මෙපමණ ය. මහා රජස්වූවන් මෙපමණ යයි ද දුටු සේක. එහි ද උද්ඝටිතඤ්ඤැ මෙපමණ ය යි ද මෙසේ සියලු ආකාරයෙන් දුටු සේක.”