867. මාර්ග-ඵල (මඟ-ඵල) බොරුවට ඇඟෙව්වොත්?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. තමන් මාර්ග ඵල ලැබූ බවට ලෝකයා ඉදිරියේ බොරු කරන ඇත්තන් පිලිබද අඩංගු සූත්‍ර මොනවාද?

A. "මහණෙනි, යමෙක් සිය සතන්හි නැති උතුරුමිනිස්දම් තමා කෙරෙහි ඇතැයි කියා ද, මේ මහණ තෙමේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද, මහණ බමුණන් සහිත වූ දෙමිනිසුන් සහිත වූ ප්‍රජාව කෙරෙහි ද, ප්‍රමුඛ වූ මහසොරා වෙයි. ඒ කවර හෙයින? මහණෙනි, සොර සිතින් රට්ඨපිණ්ඩය අනුභව කරණ ලද්දේ ය. එහෙයිනි."
https://tipitaka.lk/vp-prj-2-4/23-1/sinh

"සදෙවකෙ භික‍්ඛවෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අයං අග‍්ගො මහාචොරො යො අසන‍්තං අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපති. තං කිස‍්ස හෙතු? ථෙය්‍යාය වො භික‍්ඛවෙ රට‍්ඨපිණ‍්ඩො භුත‍්තොති."
https://tipitaka.lk/vp-prj-2-4/23-1/pali

A. “මහණෙනි, මේ රහත් බැව් ප්‍රකාශ කිරීම් පසක් වෙත්. කවර පසක්ද යත්? නුවණ මඳ බැවින් මුළා බැවින් අර්හත්වය ප්‍රකාශ කරයි. ලාමක ආසා ඇත්තේ, ආශාව ස්වභාව කොට ඇත්තේ අර්හත්වය ප්‍රකාශ කරයි. උමතු බැවින් සිත් පෙරලීමෙන් රහත් බව ප්‍රකාශ කරයි. අධිකවූ මානයෙන් රහත් බව ප්‍රකාශ කරයි. මනාකොටම රහත් බව ප්‍රකාශ කරයි. යන පසයි. මහණෙනි, මොහු වනාහි රහත් බැව් ප්‍රකාශ කිරීම් පස වෙත්ය” යි වදාළ සේක.”
https://pitaka.lk/main?n=30193

[T. මේ අනුසාරයෙන් අනෙකුත් මාර්ග-ඵල ගැන ද සිතාගත හැකි යැයි සිතේ.]

{‘‘පඤ්චිමානි, භික්ඛවෙ, අඤ්ඤාබ්‍යාකරණානි. කතමානි පඤ්ච? මන්දත්තා මොමූහත්තා අඤ්ඤං බ්‍යාකරොති; පාපිච්ඡො ඉච්ඡාපකතො අඤ්ඤං බ්‍යාකරොති; උම්මාදා චිත්තක්ඛෙපා අඤ්ඤං බ්‍යාකරොති; අධිමානෙන අඤ්ඤං බ්‍යාකරොති; සම්මදෙව අඤ්ඤං බ්‍යාකරොති. ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්ච අඤ්ඤාබ්‍යාකරණානී’’ති. තතියං."
https://pitaka.lk/main?n=30193&p=93}

[A. “උපාලි, මේ රහත් බව ප්‍රකාශ කිරීම් පසෙකි. කවර පසෙකැ යත්: නුවණ මඳ බැවින් මොහයෙන් මුළා බැවින් රහත්බව පළ කෙරෙයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඩනා ලදුයේ රහත්බව පළ කෙරෙයි, උමතුවෙන් සිත් පෙරැළීමෙන් රහත්බව පළ කෙරෙයි. (පසක් කෙළෙමි යන) අධිමානයෙන් රහත්බව පළ කෙරෙයි. විද්‍යාමාන වූ රහත්බව පළ කෙරෙයි. උපාලි, මේ රහත්බැව් පළ කිරීම් පස යි.”

“කති නු ඛො, භන්තෙ, අඤ්ඤබ්‍යාකරණා”ති? “පඤ්චිමෙ, උපාලි, අඤ්ඤබ්‍යාකරණා. කතමෙ පඤ්ච? මන්දත්තා මොමූහත්තා අඤ්ඤං බ්‍යාකරොති, පාපිච්ඡො ඉච්ඡාපකතො අඤ්ඤං බ්‍යාකරොති, උම්මාදා චිත්තක්ඛෙපා අඤ්ඤං බ්‍යාකරොති ¶, අධිමානෙන අඤ්ඤං බ්‍යාකරොති, භූතං අඤ්ඤං බ්‍යාකරොති – ඉමෙ ඛො, උපාලි, පඤ්ච අඤ්ඤබ්‍යාකරණා”ති.


A. "135. ‘‘යො වෙ අනරහං (අනරහා (සී. පී.)) සන්තො, අරහං පටිජානාති (පටිජානති (සී. ස්‍යා. පී.));
චොරො සබ්‍රහ්මකෙ ලොකෙ, එසො ඛො වසලාධමො.

135. “යමෙක් තෙම රහත් නුවූයේම රහත්යයි අඟවාද බ්‍රහ්මයන් සහිතවූ ලෝකයෙහි මෙතෙම ඒකාන්තයෙන් පළමුවෙනි මහසොරා වේ. මේ තෙමේ චණ්ඩාලයන්ගෙන් අධම වේ."
https://pitaka.lk/main?n=41107&p=135

A. විනය පිටකය, පාචිත්‍ය පාලි, මුසාවාද වග්ගය, භූතාරෝචන සික්ෂාපදය.

"යො පන භික්‌ඛු අනුපසම්‌පන්‌නස්‌ස උත්‌තරිමනුස්‌සධම්‌මං ආරොචෙය්‍ය භූතස්‌මිං, පාචිත්‌තිය"
යම් භික්ෂුවක් තමන් සතු උත්තරී මනුෂ්‍ය ධර්ම අනුපසම්පන්නයකු හමුවේ කියන්නේ නම් පචිති ඇවැත් වේ.

අනුපසම්‌පන්‌නො නාම භික්‌ඛුඤ්‌ච භික්‌ඛුනිඤ්‌ච ඨපෙත්‌වා, අවසෙසො අනුපසම්‌පන්‌නො නාම.
භික්ෂු භික්ෂුණීන් හැර අනෙකුත් සියලු දෙනා අනුපසම්පන්න නම් වේ. (සාමනේර, සාමනේරී සහ ගිහියන්)

උත්‌තරිමනුස්‌සධම්‌මො නාම ඣානං, විමොක්‌ඛො, සමාධි, සමාපත්‌ති, ඤාණදස්‌සනං, මග්‌ගභාවනා, ඵලසච්‌ඡිකිරියා, කිලෙසප්‌පහානං, විනීවරණතා චිත්‌තස්‌ස, සුඤ්‌ඤාගාරෙ අභිරති. (උත්තරී මනුෂ්‍ය ධර්ම යනු මේවාය, ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්ති, ඥාන දර්ශන, මාර්ග භාවනා, මාර්ග ඵල ප්‍රත්‍යක්ෂ කළ බව, ක්ලේෂ ප්‍රහාණය, සිත නීවරණයන්ගෙන් මිදුණු බව, ශුන්‍යාගාරයේ සිටීම ආදියයි)

https://pitaka.lk/bjt/newbooks/2/VP02_Page_096.jpghttps://pitaka.lk/bjt?b=2&p=75
=========================

‍‍‍මේ අනුව ධ්‍යාන, මාර්ගඵල ආදී තමන් සතු උත්තරීමනුෂ්‍ය ධර්මයන් හෝ ඕනෑම අයකු සමඟ කීමට විනයේ අවකාශ නොමැත.

{“යො පන භික‍්ඛු අනුපසම‍්පන‍්නස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මං ආරොචෙය්‍ය භූතස‍්මිං, පාචිත‍්තියන‍්ති.
“යම් මහණෙක් අනුපසපනක්හට උතුරුමිනිස්ධම් ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ” යයි.

12. යොපනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති. අනුපසම‍්පන‍්නො නාම භික‍්ඛුඤ‍්ච භික‍්ඛුනිඤ‍්ච ඨපෙත්‍වා අවසෙසො අනුපසම‍්පන‍්නො නාම.
12. යොපන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අරුතෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි. අනුපසම්පන්න නම්: මහණ ද මෙහෙණ ද තබා අවශෙෂ වූයේ අනුපසම්පන්න නම් වේ.

13. උත‍්තරිමනුස‍්සධම‍්මො නාම: ඣානං විමොක‍්ඛො සමාධි සමාපත‍්ති ඤාණදස‍්සනං මග‍්ගභාවනා ඵලසච‍්ඡිකිරියා කිලෙසප‍්පහානං විනීවරණතා චිත‍්තස‍්ස සුඤ‍්ඤාගාරෙ අභිරති. ඣානන‍්ති පඨමං ඣානං දුතියං ඣානං තතියං ඣානං චතුත්‍ථං ඣානං. විමොක‍්ඛොති සුඤ‍්ඤතො විමොක‍්ඛො අනිමිත‍්තො විමොක‍්ඛො අප‍්පණිහිතො විමොක‍්ඛො. සමාධීති සුඤ‍්ඤතො සමාධි අනිමිත‍්තො සමාධි අප‍්පණිහිතො සමාධි. සමාපත‍්තීති සුඤ‍්ඤතා සමාපත‍්ති අනිමිත‍්තා සමාපත‍්ති අප‍්පණිහිතා සමාපත‍්ති.
13. උත්තරිමනුස්සධම්ම නම්: ධ්‍යාන යැ විමොක්ෂ යැ සමාධි යැ සමාපත්ති යැ ඥානදර්ශන යැ මාර්ගභාවනා යැ ඵලප්‍රත්‍යක්ෂකරණ යැ ක්ලෙශප්‍රහාණ යැ චිත්තයාගේ විනීවරණතා යැ ශූන්‍යාගාරයෙහි අභිරති යි. ධ්‍යාන යනු: ප්‍රථමධ්‍යාන යැ ද්වීතීයධ්‍යාන යැ තෘතීයධ්‍යාන යැ චතුර්ථ ධ්‍යානය යි. විමොක්ෂ යනු: ශුන්‍යතවිමොක්ෂ යැ අනිමිත්තවිමොක්ෂ යැ අප්‍රණිහිත විමොක්ෂ යි. සමාධි යනු: ශුන්‍යත සමාධි යැ අනිමිත්ත සමාධි යැ අප්‍රණිහිත සමාධි යි. සමාපත්ති යනු: ශුන්‍යතසමාපත්ති යැ අනිමිත්ත සමාපත්ති යැ අප්‍රණිහිතසමාපත්ති යි."
https://tipitaka.lk/vp-pct-1-1-1-8/38-1/sinh
https://tipitaka.lk/vp-pct-1-1-1-8/38-1/pali}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll