46. අන්තරාභවය බොරුවක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අන්තරාභවය බොරුවක් නම්,  එතකොට කුතූහලසාලාසුත්තං - කුතුහලසාලා සූත්‍රය බොරුවක් ද?

“වච්ඡය, යම් කාලයක ගිනිසිළු වාතයෙන් ගෙන යනු ලැබ දුරටද යන්නේද, මම ඒ ගින්නට වාතය උපාදානයයි කියමි. වච්ඡය, ඒ කාලයෙහි ඊට වාතය උපාදානය වේ.” “භවත් ගෞතමන් වහන්ස, යම් වේලාවක මේ කය බහා තබයිද (චුතිය පහළවෙයිද) සත්වයා ඒ චුතික්ෂණයෙහිම අනිත් කයකට නොපැමිණේද, භවත් ගෞතමතෙමේ මොහුට කිනම් උපාදානයක් පනවයිද?” “වච්ඡය, යම්කලෙක මේ ශරීරය බහා තබයිද, සත්වයා අනික් කයකට නොපැමිණේද, ඔහුට මම තණ්හාව උපාදානයයි කියමි. වච්ඡය, තණ්හාවෙන් යුත් පුද්ගලයාහට ඒ අවස්ථාවෙහි උපාදානය වේයයි” වදාළේය."

A. කුතූහලසාලාසුත්තවණ්ණනා - කුතුහලසාලා සූත්‍ර වර්ණනාව බලන්න ☟.

ඉමඤ්ච කායං නික්‍ඛිපති = චුති චිත්තය හේතු කොට ගෙන බහා තබයි. අනුප්පන්නො හොති = චුති චිත්තයෙහි ම ප්‍රතිසන්ධි චිත්තය නූපන් බැවින් අනුප්පන්නො හොති (හෙවත් නො ඉපදුනේ වෙයි) යයි යෙදිණ.

["නව වැන්නෙහි - කුතුහල සාලායං = කුතූහල සාලා නමින් වෙනම ශාලාවක් නැත. යම් ශාලාවෙක වනාහී විවිධ වූ තීර්ථකයෝ ද, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ද නා නා විධ කථාවන් පවත්වත් ද, “මේ තෙමේ කුමක් කියයි ද, මේ තෙමේ කුමක් කියයිද” යනුවෙන් බොහෝ දෙන ප්‍රශ්න කරත් ද, මෙසේ බොහෝ දෙනාට කුහුල උපදවන තැනක් බැවින් “කුතුහලසාලා” යයි කියනු ලැබේ. දුරම්පි ගච්ඡති = ආභස්සර නම් බ්‍රහ්ම ලෝකය දක්වා වුවද යයි. ඉමඤ්ච කායං නික්‍ඛිපති චුති චිත්තය හේතු කොට ගෙන බහා තබයි. අනුප්පන්තො හොති චුති චිත්තයෙහි ම ප්‍රතිසන්ධි චිත්තය නූපන් බැවින් අනුප්පන්නො හොති (හෙවත් නො ඉපදුනේ වෙයි) යයි යෙදිණ."]

[‘‘යස්මිං , භො ගොතම, සමයෙ අච්චි වාතෙන ඛිත්තා දූරම්පි ගච්ඡති, ඉමස්ස පන භවං ගොතමො කිං උපාදානස්මිං පඤ්ඤාපෙතී’’ති? ‘‘යස්මිං ඛො, වච්ඡ, සමයෙ අච්චි වාතෙන ඛිත්තා දූරම්පි ගච්ඡති, තමහං වාතූපාදානං පඤ්ඤාපෙමි. වාතො හිස්ස, වච්ඡ, තස්මිං සමයෙ උපාදානං හොතී’’ති. ‘‘යස්මිඤ්ච පන, භො ගොතම, සමයෙ ඉමඤ්ච කායං නික්ඛිපති, සත්තො ච අඤ්ඤතරං කායං අනුපපන්නො හොති, ඉමස්ස පන භවං ගොතමො කිං උපාදානස්මිං පඤ්ඤාපෙතී’’ති? ‘‘යස්මිං ඛො, වච්ඡ, සමයෙ ඉමඤ්ච කායං නික්ඛිපති, සත්තො ච අඤ්ඤතරං කායං අනුපපන්නො හොති, තමහං තණ්හූපාදානං වදාමි. තණ්හා හිස්ස, වච්ඡ, තස්මිං සමයෙ උපාදානං හොතී’’ති (හොතීති...පෙ.... (ක.)). නවමං."]

A. "නවමෙ කුතූහලසාලායන්ති කුතූහලසාලා නාම පච්චෙකසාලා නත්ථි, යත්ථ පන නානාතිත්ථියා සමණබ්‍රාහ්මණා නානාවිධංකථං පවත්තෙන්ති, සා බහූනං “අයං කිං වදති, අයං කිං වදතී”ති කුතූහලුප්පවත්තිට්ඨානතො කුතූහලසාලාති වුච්චති. දූරම්පිගච්ඡතීති යාව ආභස්සරබ්‍රහ්මලොකා ගච්ඡති. ඉමඤ්ච කායං නික්ඛිපතීති චුතිචිත්තෙන නික්ඛිපති. අනුපපන්නො හොතීතිචුතික්ඛණෙයෙව පටිසන්ධිචිත්තස්ස අනුප්පන්නත්තා අනුපපන්නො හොති."

A. "නානාවිධන්ති තංතංදිට්ඨිවාදපටිසංයුත්තං අඤ්ඤම්පි වා නානාවිධං තිරච්ඡානකථං. බහූනං කුතූහලුප්පත්තිට්ඨානතොති යොජනා. යාව ආභස්සරබ්‍රහ්මලොකා ගච්ඡතීති අග්ගිනා කප්පවුට්ඨානකාලෙ ගච්ඡති, තං සන්ධාය වුත්තං. ඉමඤ්ච කායන්ති ඉමං රූපකායං. චුතිචිත්තෙන නික්ඛිපතීති චුතිචිත්තෙන භිජ්ජමානෙන නික්ඛිපති. චුතිචිත්තස්ස හි ඔරං සත්තරසමස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ උප්පන්නං කම්මජරූපං චුතිචිත්තෙන සද්ධිං නිරුජ්ඣති, තතො පරං කම්මජරූපං න උප්පජ්ජති. යදි උප්පජ්ජෙය්‍ය, මරණං න සියා, චුතිචිත්තං රූපං න සමුට්ඨාපෙති, ආහාරජස්ස ච අසම්භවො එව, උතුජං පන වත්තතෙව. යස්මා පටිසන්ධික්ඛණෙ සත්තො අඤ්ඤතරණාය උපපජ්ජති නාම, චුතික්ඛණෙ පටිසන්ධිචිත්තං අලද්ධං අඤ්ඤතරණාය, තස්මා වුත්තං “චුතික්ඛණෙ…පෙ… හොතී”ති."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll