776. ක්ෂණික ප්‍රතිඵල ඕනෙ ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. යාලුවනේ ලොකු උපදෙසක් ඕනෙ ඔයාලගෙන්, කොයිවෙලෙත් මානසිකව වැටෙනකොට ප්‍රගුණ කරන්න සුදුසුම භාවනාව මොකක්ද? ජීවිතේට මොන තරම් නරක දේවල් සිද්ධ උනත් හිත දශමයක්වත්ව ට්ටගන්නැතිවෙන්න උපකාර වෙන විදියෙ භාවනාවක් තියෙනවද?
බුද්ධ වචනයම දක්වන්න පුළුවන් නම් ගොඩක්ම වටිනව.

A. “භාවනා” නම් ඕනා තරම් ඇත. නමුත් ඒ ඕනෑම භාවනාවක් වැඩීමට සීලය (කය-වචනය සංවර වීම) උවමනාය.

එමෙන් ම “භාවනාව” යනු, හොඳ/කුසල්, දෙයක්/අරමුණක් දිගු කලක් වැඩීම - පුහුණු කිරීම - දියුණු කිරීම ය.
එවැනි “සම්මා භාවනා” වෙනුවට අපි නොදැනුවත්ව ම බොහෝ නොයෙක් “මිත්‍යා භාවනා” (වැරදි/මිත්‍යා/අකුසල් අරමුණු) වඩමින් සිටි නිසා ම / සිටීම ම තමා ඔක්කොම ප්‍රශ්නවලට මුල.

“සම්මා භාවනා” (නිවැරදි/ප්‍රඥා/කුසල් අරමුණු) යම් කාලයක් පුහුණු කරන්නේ නැතිව, එක පාරම ප්‍රතිඵල ලැබෙන විදිහට භාවනාව ප්‍රයෝගිකව යොදාගන්න දුෂ්කර නිසා - කුසල් අරමුණු නිතර සිතන්න / පුරුදු කරන්න (ආරම්භ කරන්න).

(නොකඩවා) කොච්චර කල් මැනවින් පුරුදු කරනවාද, කොපමණ හොඳින් වැඩුනද කියන එක අනුව තමා, ඊළඟට මොහොතින් ක්ෂණික ප්‍රතිඵල ලැබෙන්නේ.

රාගයට අශුභය, ද්වේශයට මෛත්‍රිය, මෝහට විදර්ශනා, අශ්‍රද්ධාවට ශ්‍රද්ධාව, මසුරුකමට දානය, ... මේ විදිහට කොටින් ම නරක කායික ක්‍රියාවලට හොඳ කායික ක්‍රියා, නරක වාචසික ක්‍රියා (වචන) වෙනුවට හොඳ වාචසික ක්‍රියා, නරක මානසික ක්‍රියා (සිත් / සිතුවිලි) වෙනුවට හොඳ මානසික ක්‍රියා, (හා/හෝ නිත්‍යට අනිත්‍ය - සැපට දුක - ආත්මයට අනාත්මය යන හැඳිනීම් / දැක්ම) වැඩීම - පුහුණු කිරීම - දියුණු කිරීම නොකඩවා කරනවා නම් ක්ෂණික ප්‍රතිඵලත් ලැබෙනවා දවසක.

A / S. "භාවනා නම් කවරේ ද?

“භාවෙති කුසලධම්මෙ ආසෙවති වඩ්ඪෙති එතායාති භාවනා” යනු නිර්වචන හෙයින් යම් චෙතනාවක් කරන කොට ගෙනැ කුශලධර්‍මයෝ වැඩෙත් ද, වැඩිදියුණු වෙද්ද, ඒ චෙතනාව භාවනා නම් වේ.
භාවනා නම් වැඩීම යි, දියුණු කිරීම යි, කුමක් වැඩීම ද? සිත යහපත් අරමුණෙක්හි වැඩීම යි. නොයෙක් අරමුණු ගැනීම් වශයෙන් එහෙ මෙහෙ විසිර යෑම සිතේ සාමාන්‍ය ස්වභාවය යි. එහෙයින් ඉෂ්ටාරම්මණයෙහි ඇලීමත් අනිෂ්ටාරම්මණයෙහි ගැටීමත් ඇති වෙයි. එයින් අකුසල චෙතනා පහළ වෙයි. එසේ එහෙ මෙහෙ විසිර යා නො දී යහපත් අරමුණෙක්හි මැ නැවැත නැවැත ඉපැදැවීම් වශයෙන් බැඳැ තැබීමෙන් සිත ස්ථිර වෙයි. එයින් කුශල චෙතනා බහුල වෙයි. සුළු සුළු කරුණුවල දී ඇලීම් ගැටීම් අඩුවෙයි. එයින් අකුශල චෙතනා ද අඩුවෙයි.
තේරුම් ගැනීමේ පහසුව සඳහා ගල්ඔය මහවැවේ වේල්ල ගැන සිතා බලන්න.
ඒ වේල්ල තනා ඇත්තේ වැලිවලිනි, සාමාන්‍යයෙන් වැලි විසිරී තිබෙන විට සුළු වතුර පාරකට ද සේදී යයි. එසේ වූ වැලි රියන අඟලට බසින සේ එහි එහි මැ තද කැරැ ස්ථිර කිරීම නිසා මහවතුර පාරකට ද ගසා ගෙනැ නො යයි. එසේ මැ ඉතා සුළු ඉෂ්ටානිෂ්ට අරමුණෙකැ දී පවා විසිරැ යන සිත මෙසේ එක් මැ අරමුණෙක්හි නැවැත නැවැත ඉපැදීම් වශයෙන් ස්ථිර කැරැ ගත් විට අතිශයින් ඉෂ්ටානිෂ්ට ආරම්මණ යෙකැ දී හෝ විසිරැ යා නොදී රැකැ ගත හැකි වෙයි. එයින් කුශල චේතනා බහුල වෙයි. අකුශල චෙතනා අඩු වෙයි. භාවනාවෙන් කුශලධර්‍ම වැඩේ යැයි කීවේ එහෙයිනි."

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායකමාහිමිපාණන් වහන්සේ.

T / S. [“සීලතීති සීලං, කායවචීකම්මානි සමාදහතීති අත්ථො. සුසිල්‍යවසෙන හි කායකම්මාදීනි අවිප්පකිණ්ණානි සම්පති, ආයතිඤ්ච හිතසුඛාවහානි සම්මා ඨපිතානි සමාහිතානි හොන්ති, සීලයති උපධාරෙතීති වා සීලං. උපධාරණං පනෙත්ථ කුසලානං අධිට්ඨානභාවො. භාවෙති කුසලධම්මෙ ආසෙවති වඩ්ඪෙති එතායාති භාවනා.”
https://tipitaka.app/?a=6j25-95-si]

{"කානි පන තානි දසපුඤ්ඤකිරියවත්ථූනි, යෙසං වසෙන ඉදං අට්ඨවිධං චිත්තං පවත්තතීති වුත්තන්ති ඉමං අනුයොගං සන්ධාය තානි සරූපතො දස්සෙතුං “දානං සීල”න්තිආදි වුත්තං ¶. තත්ථ දිය්‍යති එතෙනාති දානං, පරිච්චාගචෙතනා. ඉධ පන චිත්තාධිකාරවසෙන තංසම්පයුත්තං ගහෙතබ්බං. තථා “සීලා”දීසුපි. සීලතීති සීලං, කායවචීකම්මානි සමාදහතීති අත්ථො. සුසිල්‍යවසෙන හි කායකම්මාදීනි අවිප්පකිණ්ණානි සම්පති, ආයතිඤ්ච හිතසුඛාවහානි සම්මා ඨපිතානි සමාහිතානි හොන්ති, සීලයති උපධාරෙතීති වා සීලං. උපධාරණං පනෙත්ථ කුසලානං අධිට්ඨානභාවො. භාවෙති කුසලධම්මෙ ආසෙවති වඩ්ඪෙති එතායාති භාවනා. අත්තනො සන්තානෙ නිප්ඵන්නා පත්ති දිය්‍යති එතෙනාති පත්තිදානං. තංතංකිච්චකරණෙ බ්‍යාවටස්ස භාවො වෙය්‍යාවච්චං. දෙසෙති එතායාති දෙසනා. පත්තිං අනුමොදති එතෙනාති පත්තානුමොදො. පුබ්බපදලොපෙන පන “අනුමොදො”ති වුත්තං. දිට්ඨියා උජුභාවො දිට්ඨිජුත්තං, සම්මාදිට්ඨියා උජුකරණන්ති අත්ථො. අත්තනො, පරස්ස වා හිතජ්ඣාසයවසෙන සම්මා සුණන්ති එතායාති සංසුති. පූජාවසෙන අපචායති සාමීචිං කරොති එතෙනාති අපචායො. පුඤ්ඤකිරියවත්ථූනං පභෙදො පුඤ්ඤකිරියවත්ථුප්පභෙදො. මජ්ඣපදලොපවසෙන පන “පුඤ්ඤවත්ථුප්පභෙදො”ති වුත්තං යථා ආජඤ්ඤයුත්තො රථො “ආජඤ්ඤරථො”ති. අයං තාවෙත්ථ පදවිචාරො."}

["දීයති එතෙනාති දානං, පරිච්චාගචෙතනා. එවං සෙසෙසුපි. සීලතීති සීලං, කායවචීකම්මානි සමාදහති, සම්මා ඨපෙතීත්‍යත්ථො, සීලයති වා උපධාරෙතීති සීලං ¶, උපධාරණං පනෙත්ථ කුසලානං අධිට්ඨානභාවො. තථා හි වුත්තං “සීලෙ පතිට්ඨායා”ත්‍යාදි (සං· නි· 1.23, 192). භාවෙති කුසලෙ ධම්මෙ ආසෙවති වඩ්ඪෙති එතායාති භාවනා. අපචායති පූජාවසෙන සාමීචිං කරොති එතෙනාති අපචායනං. තංතංකිච්චකරණෙ බ්‍යාවටස්ස භාවො වෙය්‍යාවච්චං. අත්තනො සන්තානෙ නිබ්බත්තා පත්ති දීයති එතෙනාති පත්තිදානං. පත්තිං අනුමොදති එතායාති පත්තානුමොදනා. ධම්මං සුණන්ති එතෙනාති ධම්මස්සවනං. ධම්මං දෙසෙන්ති එතායාති ධම්මදෙසනා. දිට්ඨියා උජුකරණං දිට්ඨිජුකම්මං."
https://tipitaka.app/?a=6i13-64-si]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll