Q. ගත පච්චා ගත වත සහ කර්මස්ථාන ශීර්ෂය යන වචනත්, ඒවා අපගේ ජීවිතවලට යොදවාගන්නා ආකරයත් කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි!
A. “තමන්ගේ කර්මස්ථානය ගමට පිඬු සිඟා වඩනා කල්හි ගෙන යාම හා ආපසු එන කල්හි ගෙන ඒම ද ගත පච්චාගත වත ය. කර්මස්ථානය ගෙන යාම ය යනු පිඬු සිඟා වඩනට පටන් ගත් තැන් සිට අනෙකකට සිත යොමු නො කොට කර්මස්ථානය මෙනෙහි කරමින් යාම ය. ආපසු ගෙන ඒමය යනු එන කල්හි ද අනෙකකට සිත යොමු නො කොට කර්මස්ථානය මෙනෙහි කරමින් ම ඒමය. එහි පිළිවෙල මෙසේ දත යුතු.”
කර්මස්ථානය ගෙන යන ආපසු නො ගෙනෙන භික්ෂුව ය, කර්මස්ථානය නො ගෙන යන ආපසු එන කල්හි ගෙනෙන භික්ෂුව ය, කර්මස්ථානය නො ගෙන යන නො ගෙන එන භික්ෂුව ය, කර්මස්ථානය ගෙන යන්නා වූ ද ආපසු ගෙනෙන්නා වූ ද භික්ෂුව ය යි මේ සස්නෙහි භික්ෂූහු සතර දෙනෙක් වෙති. ...
ගත පච්චාගත වත පුරන භික්ෂුව නම් කමටහන ගෙන ගොස් නැවත ගෙන එන්නා වූ භික්ෂුව ය. වැඩ කැමති කුලපුත්‍රයෝ බුදු සස්නෙහි පැවිදිව, දස දෙන - විසි දෙන - තිස් දෙන - සතළිස් දෙන - පනස් දෙන - සියක් දෙන එක් ව මහණ දම් පුරති. "ඇවැත්නි, ආයුෂ්මත්හු ණය ගෙවා ගත නො හෙන නිසා හෝ, බිය නිසා හෝ, ජීවත් විය නො හෙන නිසා හෝ, පැවිදි වූවෝ නො වෙති. දුකින් මිදෙනු පිණිස ම පැවිදි වූවෝ ය. එසේ පැවිදි වූ ආයුෂ්මතුන්ට ප්‍රමාදවීමට සුදුසු නැත. එබැවින් ආයුෂ්මත්හු ගමනෙහිදී උපන් ක්ලේශය හිඳීම දක්වා නො පවත්වා ගමනෙහි දී ම දුරු කරත්වා. සිටීමෙහි දී හිඳීමෙහි දී ශයනයෙහි දී ක්ලේශයක් උපන හොත් ඒ ක්ලේශය අන් ඉරියව්වකට ගෙන නො ගොස් ඒ ඒ ඉරියව්වේ දී ම දුරු කෙරෙත්වා"යි කථා කර ගෙන උන් වහන්සේලා වෙසෙති.”
මෙහි ගත පච්චාගත වත පිළිබඳව දීර්ඝ විචිත්‍ර සවිස්තරයක් ඇති බැවින් පහත සබැඳියෙන් (ලින්ක් එකෙන්) පිවිස සම්පූර්ණ ලිපිය ම ලියවන්න!
https://pitaka.lk/books/paramitha-prakaranaya/4-12.html

A. “කර්මස්ථාන ශීර්ෂය” යනු නා උයනේ නා හිමියන් නිතර භාවිතා කළ වදනකි - ඉන් අදහස් වන්නේ ඕනෑම “කර්මස්ථානයක් / (භාවනා) කමටහනක් / භාවනාවට උපයෝගී කරගන්නා අරමුණක්” මාතෘකාව ලෙස / භාවිතාව ලෙස ගැනීමයි.
උදා: “පොළව” යන හැඳිනීම “පඨවි සංඥාව” නමැති “කර්මස්ථාන ශීර්ෂය” (කමටහන / කර්මස්ථානය) වේ. මේ ආදී ලෙස අනෙක් කමටහන් ද සලකා ගත යුතු ය.
“භාවනාව” යනු, එකී “කර්මස්ථාන ශීර්ෂයක්” (“කමටහනක්”) හොඳ/කුසල්, දෙයක්/අරමුණක්, (නිතරම / අඛණ්ඩව / දිගු කලක්) අර්ථය ද සලකාගෙන, වැඩීම - පුහුණු කිරීම - දියුණු කිරීම ය.