313. බ්‍රහ්මලෝකයන්හි ඉපදෙන්නෙ කවුද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බ්‍රහ්ම ලෝකයන්හි ආයුෂ ප්‍රමාණය කොපමණද? බ්‍රහ්මලෝකයන්හි ඉපදෙන්නෙ මාර්ග ඵල ලාබීන් විතරද? මේ පිලිබඳ කරුණු සදහන් කර තව දුරටත් කරුනු ඉගෙනගත හැකි මූලාශ්‍රය න් සදහන් කරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි.

A / R. රූපාවචර භූමින්හි ආයුඃ ප්‍ර‍මාණය.

රූපාරූප ලෝකවල ආයුෂය ඉතා දීර්ඝ බැවින් වර්ෂ ගණන්වලින් නො දැක්විය හැකි ය. ඒවායේ ආයුඃ ප්‍ර‍මාණය දක්වා තිබෙන්නේ කල්පවලිනි. කල්පය අති දීර්ඝ කාලයෙකි. රූපාරූප ලෝකවල ආයුෂය එපමණ දික්වෙන්නේ ඉතා බලවත් කුශලයකින් එහි උපදින නිසා ය.

R. “රූපාවචර - අරූපාවචර ධ්‍යාන ලාභියකු යම්කිසි කාම භවයක් ගැන ප්‍රාර්ථනයක් නැති ව ධ්‍යානයෙන් ද නො පිරිහී කාලක්‍රියා කළ හොත් ඒ තැනැත්තා ඒකාන්තයෙන් මහග්ගත කුශලය විපාක දීම් වශයෙන් බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදී.”

R. “රූපාවචර ධ්‍යාන උපදවා ගත් තැනැත්තා ධ්‍යානයෙන් නො පිරිහී කලුරිය කළ හොත් වැරදීමක් නැති ව බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදින්නේ ය. මරණයට අනතුරුව ම ඔහුට ඔහු ගේ රූපාවචර කුශලයේ ආනුභාවයෙන් බ්‍ර‍හ්ම ලෝකයෙහි රූපාවචර ධ්‍යාන චිත්තයක් පහළ වේ. ඒ සිත එහි පහළ වීම බ්‍ර‍හ්ම ලෝකයේ ඉපදීම ය. රූපාවචර කුශල ධ්‍යානයෙන් උපදවා ගත් අයට මරණින් මතු ඒ කුශල ධ්‍යාන චිත්තයන් ගේ ආනුභාවයෙන් බ්‍ර‍හ්ම ලෝකයේදී උපදනා ධ්‍යාන සිත් රූපාවචර විපාක සිත් ය.”

https://pitaka.lk/?node=22138&coll=cs,aps
https://pitaka.lk/?node=29256&coll=cs,aps


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll