241. අත්තනෝමති(ය) යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "අත්තනොමති නම් - න්යායක් ගැනීමෙන් අවබෝධකර ගැනීමෙන් තමන් ලබන ප්රතිභානයයි. එහි සුත්ර වැලැක්විය යුතු නැත. එය ප්රතික්ෂේප කරන්නහු විසින් බුදුන් වහන්සේවද වැලැක්වූයේ වෙයි."
මහා පරිනිබ්බාන සුත්ර වර්ණනාවෙයි මේක තියෙන්නේ. මේක තවදූරටත් පැහැදිලී කරන්න පූලූවන්ද?

A. “අත්‌තනොමති” ලෙස හැඳින්වෙන්නේ, යම් ධර්මානුකූල න්‍යායක් ගුරු/මුල් කොට ගැනීමෙන් තමා (එකී ප්‍රාඥයා) ලබන ප්‍රතිභාව (අන්තර් ඥානය) යි. එම ක්‍රමවේදය බැහැර නොකළ යුතුය; එසේ එම ක්‍රමවේදය බැහැරකරන්නා තථාගතයන් වහන්සේ ද (හෝ එකී ප්‍රාඥයා ද) බැහැර කරන්නේ වේ. - හුදු පෞද්ගලික පරිවර්තනයකි.
“Aththanomathi” means, intuition which gains based on a theory, but according to the Dhamma, yet personal point of view. The theory should not be neglected, if you do so, you neglect the Thathagatha (or the Philosopher) too. – Merely a personal translation.
(අත්‌තනොමති නාම නයග්‌ගාහෙන අනුබුද්‌ධියා අත්‌තනො පටිභානං. තත්‌ථ සුත්‌තං අප්‌පටිබාහියං, තං පටිබාහන්‌තෙන බුද්‌ධොව පටිබාහිතො හොති.)
“අත්‌තනොමති” යනුවෙන් සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ ගණන්ගනුයේ “තමාගේ පෞද්ගලික මතය” යන්න යි. එහෙත් අට්ටකාවේ අර්ථය පාළියෙන් ඉහත වරහන් තුළ දැක්වේ. සිංහල හා ඉංග්‍රීසි පරිවර්තන කුමන අරුතකින් හෝ “අත්‌තනොමති”යකි.

[මහා පරිනිබ්බාණ සූත්‍ර වර්ණනාවේ 4 වන බණවර.]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll