825. කාමය වරදවා හැසිරීමට හසු නොවන ස්ත්‍රීහු කවුරු ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. එක ලිපියක මන් දැක්කා කාමයේ වරදවා හැසිරුනාට ඒ වරදට හසු වෙන්නේ නැති අය ගැන. එහෙම දෙයක් තියනවද? තියනවනම් ඒ මොනවගේ අයද?

A. කාමයේ (වරදවා) හැසිරීමේ අකුසල කර්මයන්ට පහත අංක 1 සිට 8 දක්වා ස්ත්‍රීහු හසුවන නමුත්, කාමයේ වරදවා හැසිරීමේ අකුසල කර්ම පථයට අංක 1 සිට 8 දක්වා ස්ත්‍රීහු අසු නොවෙති.

T. {"... කාමයේ වරදවා හැසිරීමේ අකුසල විපාක: නපුංසකාදීහු වෙති. පුරුෂයෝ ස්ත්‍රීහු වෙති. ස්ත්‍රීහු ස්ත්‍රීත්වයෙන් නො මිදෙති. විරූප වෙති. ජනයාට අප්‍රිය වෙති. ..." - දැනටමත් ස්ත්‍රීහු වී ඉපදී සිටීම ගැන, මේ අනුව ද කල්පනා කළ යුතුය.}

[වැඩිදුර විස්තර සඳහා මෙය කියවන්න.]

R. "ස්ත්‍රීහු දස දෙනෙකි; මාතුරක්ඛිතා ය, පිතුරක්ඛිතා ය, මාතාපිතුරක්ඛිතා ය, භාතුරක්ඛිතා ය, භගිනිරක්ඛිතා ය, ඤාතිරක්ඛිතා ය, ගොත්තරක්ඛිතා ය, ධම්මරක්ඛිතා ය, සාරක්ඛා ය, සපරිදණ්ඩා ය යන මොහු යි.
භාර්‍ය්‍යාවෝ දස දෙනෙකි: ධනක්කීතා ය, ඡන්‍දවාසිනී ය, භොගවාසිනී ය, පටවාසිනී ය, ඔදපත්තකිනී ය, ඔභතචුම්බටා ය, දාසිභරියා ය, කම්මකාරී භරියා ය, ධජාහටා ය, මුහුත්තිකා ය, යන මොහු යි.
1. මාතුරක්ඛිතා නම්: මවු තොමෝ (යම් ස්ත්‍රියක) රකී ද, ගුප්තස්ථානයෙහි තබා රකියි ද ස්වෛර විහරණයට ඉඩ නො දෙයි ද තමා වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝ යි.)
2. පිතුරක්ඛිතා නම්: යම් මාගමක් පිය තෙමේ රකියි ද, ගෝපනය කෙරෙයි ද ස්වෛර විහරණයට ඉඩ නො දෙයි ද, සිය වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝ යි)
3. මාතාපිතුරක්ඛිතා නම්: මවුපිය දෙදෙනා ම යම් ස්ත්‍රියක රකිත් ද, ගෝපනය කරත් ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද (ඒ ස්ත්‍රී යි.)
4. භාතුරක්ඛිතා නම්: යම් ස්ත්‍රියක සොහොවුරු තෙමේ රකියි ද, ගෝපනය කෙරෙයි ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙයි ද, වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝ යි.)
5. භගිනිරක්ඛිතා නම්: යම් මාගමක බිහිනි තොමෝ රකියි ද, ගෝපනය කෙරෙයි ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙයි ද, වශයෙහි පවත්වයි ද, (ඕ තොමෝය.)
6. ඤාතිරක්ඛිතා නම්: යම් ස්ත්‍රියක නෑයෝ රකිත් ද, ගෝපනය කෙරෙත් ද, ස්වෛරිණී වන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද, (ඕ තොමෝ යි.)
7. ගොත්තරක්ඛිතා නම්: යම් මාගමක සමානගොත්‍රඇතියෝ රකිත් ද, ගෝපනය කෙරෙත් ද, ස්වෛරිණීවන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද, (ඕ තොමෝ යි.)
8. ධම්මරක්ඛිතා නම්: යම් මාගමක සහදැමියෝ රකිත් ද, ගෝපනය කෙරෙත් ද, ස්වෛරිණීවන්නට ඉඩ නො දෙත් ද, වශයෙහි පවත්වත් ද, (ඕ තොමෝ යි.)
9. සාරක්ඛා නම්: යම් මාගමක ගැබෙහි දී ම ‘මෝ මට අයත්වන්නී ය’යි වෙන් කොට ගන්නා ලද්දියක් වෙයි ද, යටත් පිරිසෙයින් මල්දමකින් පිරිකෙවු කරණ ලද්දී වෙයි ද, (ඕ තොමෝ යි.)
10. සපරිදණ්ඩා නම්: කිසිවකු විසින් “යමෙක් මෙනම් ස්ත්‍රිය කරා යේ නම් මෙ පමණ දඩ ය”යි යම් මාගමක ඇරැබ දඩ තබන ලද්දේ වෙයි ද (ඕ තොමෝ යි.)
11. ධනක්කිතා නම්: ධනයෙන් පෙරළා ගෙණ වාසය කරවයි ද (ඕ තොමෝ යි)
12. ඡන්‍දවාසිනී නම්: ප්‍රියයෙක් යම් ප්‍රියාවක වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
13. භොගවාසිනී නම්: යම් මාගමක භොග දී වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
14. පටවාසිනී නම්: යම් මාගමක පිළි දී වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
15. ඔදපත්තකිනී නම්: යම් මාගමක දිය බඳුනක අත එව (ඒ හා සමව) වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
16. ඔහතවුම්බටා නම්: යම් මාගමක සුඹුළුව පහකොට තමා වෙත වාසය කරවයි ද (ඕ තොමෝ යි.)
17. දාසී නම්: යමක් දැස්ස වූවා බිරිය ද වෙයි.
18. කම්මකාරී නම්: යම් මාගමක් මිඩියක් වූවා බිරිය වෙයි ද (ඕ තොමෝ යි.)
19. ධජාහටා නම්: බලාත්කාරයෙන් ගෙණෙන ලද්දී කියනු ලැබේ.
20. මුහුතතිකා නම්: එකෙණෙහි කැඳවා ගන්නා ලද ස්ත්‍රිය කියනු ලැබේ."

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll