Q. පෙනෙන දේ අල්ලන්න බැ කියනවා, කොහොමද එහෙම වෙන්නෙ?
උදා:- මට පොන් එක කොටුවක් විදියට පෙනවා, මට කොටුවක් විදියට පොන් එක පෙනෙන විදියටම ස්පර්ශත් වෙනවා; එතකොට මොන අර්ථයකින්ද පෙනෙන දෙ ස්පර්ශ වෙන්නෙ නැ කියන්නෙ?
A / R. ඇසට පෙනෙන්නේ වර්ණය (රූපය / වර්ණ රූපය / වර්ණ සටහන / වර්ණ රූප සටහන) ම පමණි. අතට අසුවන්නේ ස්පර්ශ රූපය (පඨවි-තේජෝ-වයෝ) පමණි.
එනම්, (පෙනෙන දේ ම අල්ලන බව අපට සිතුණත්) පෙනෙන දේ පෙනෙන්නේ ඇසට ම පමණි. අතට අසුවන්නේ වෙනත් (වෙනස්) ම දෙයකි.
(අනෙකුත් ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් ද මෙම න්‍යාය ම වේ.)

[සැබවින් ම පෙනීම් ආදිය සිදුවන්නේ සිතට ය - මෙහි දී සාමාන්‍ය ව්‍යවහාරය මත පදනම්ව ඇත.]
A. {(“අභිධර්මය” සත්‍ය බැවින්) කෙසේ සිතුවත්, කුමන ආකාරයේ තර්ක-විතර්ක අවස්ථා-සම්බන්ධයන් ගොඩනැඟුවත්, පෙනෙන දේ කිසි කලෙක අතින් ඇල්ලිය නොහැක; පෙනන දේ කිසි කලෙකත් කිසිම හේතුවක් නිසාවත් අතට හසු නොවේ.}
"ගෝචර රූපයන්ගේ පළමු වැන්න වූ වර්ණ රූපය සනිදස්සන රූප නම් වේ. එහි තේරුම පෙනෙන රූපය යනු යි. රූප අට විස්සෙන් ඇසට පෙනෙන්නේ වර්ණ රූපය පමණෙකි. අන්‍ය රූප සත් විස්ස නො පෙනෙන බැවින් අනිදස්සන රූප නම් වේ."