Q. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි අරහතුන් වහන්සේලා හට දුන් දානය මහත් ආශ්චර්යමත් ලෙස විපාක දුන් ආකාර පිළිබඳ ම සියලු ම තොරතුරු ලියවුණු පොතක් මා කලකට පෙර දුටුවා. නමුත් මට දැන් එය ගැනීමට එහි නම මතක නැතැ. කරුණාකර එය දන්නා කෙනෙකු එම පොතේ නම, කර්තෘ සහ ප්‍රකාශක පිළිබඳ ඉඟියක් හෝ ලබා දේ නම් අතිශය කෘතඥ වෙමි... තෙරුවන් සරණයි!
A. {“ගුණාතිරේක සම්පත්තිය යනු ප්‍රතිග්‍රාහකයා එදින නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියෙක් වීම ය.”
https://pitaka.lk/books/bauddhayage-athpotha/10-1-21.html}
"දුන් අත්බැව්හි ම විපාක ලැබෙන දානය.
වස්තු සම්පත්තිය ය, ප්‍රත්‍යය සම්පත්තිය ය, චේතනා සම්පත්තිය ය, ගුණාතිරේක සම්පත්තිය ය යන චතුස් සම්පත්තියෙන් යුක්ත දානය, දුන් අත් බැව්හි ම විපාක දෙන්නේ ය. වස්තු සම්පත්තිය යනු ප්‍රතිග්‍රාහකයා අනාගාමි වූ හෝ රහත් වූ හෝ කෙනකු වීම ය. ප්‍රත්‍යය සම්පත්තිය යනු දාන වස්තුව ධර්මයෙන් ලද දෙයක් වීම ය. චේතනා සම්පත්තිය යනු දීමට පූර්වයෙහි හා දෙන කල්හි ද ඉන් පසුව ද සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත කුශල චේතනා ඇති බව ය. ගුණාතිරේක සම්පත්තිය යනු ප්‍රතිග්‍රාහකයා එදින නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියෙක් වීම ය. මේ චතුස් සම්පත්තිය ලැබිය හැක්කේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා හා ධ්‍යාන ලාභී අනාගාමීන් ඇති කාලවල දී ය. චතුස් සම්පත්තියෙන් යුක්ත කොට දන් දුන් කල්හි ඇතමකුට එදින ම විපාක ලැබේ. ඇතමකුට සත් දිනක් ඇතුළත ලැබේ. ඇතමකුට ඒ ජාතියේදී යම් කිසි අවස්ථාවක ලැබේ.
චතුස්සම්පත්තියෙන් යුක්ත කොට මෙලොව ම විපාක ලැබෙන සැටියට දන් දීම පහසු කාර්‍ය්‍යයක් නොවේ. අනාගාමීන් හා රහතුන් නො ලැබිය හැකි බැවින් මෙ කල එය නො කළ හැකි ය. දහස් ගණන් රහතන් වහන්සේ වැඩ විසූ අතීතයේ ද මෙලොව විපාක ලැබෙන සේ දන් දිය හැකි වූයේ ඉතා ම ටික දෙනකුට පමණකි. මෙකල දන් දෙන්නවුන්ට ද ඉහතාත්ම භාවයේ ලැබෙන ආනිසංස සර්වාකාරයෙන් නැත්තේ ම නො වේ. දන් දීමෙන් මෙලොව දී ලැබෙන අනුසස් විචාළා වූ “සීහ සේනාපතියාට” බොහෝ දෙනාට ප්‍රිය වීමය, සත්පුරුෂයන් විසින් භජනය කරනු ලැබීම ය, කීර්තිය පැතිර යෑම ය, නිර්භීත ව පිරිස් මැදට යා හැකි බව ය යන ආනිසංස සතරක් මෙලොව ලැබෙන බව බුදුන් වහන්සේ වදාල සේක. නිතර සැදැහැයෙන් දන් දෙන පින්වතුන්ට නිරෝගී බව, දීර්ඝායුෂ්ක බව, හදිස්සියෙන් ධනයෙන් නො පිරිහෙන බව, සතුරු උවදුරු මඳ බව යනාදි තවත් අනුසස් ලැබෙන්නේ ය. එය ග්‍රහයන් ගෙන් වන ඵලාපලයන් සේ අප්‍රකට ය."
A. {“ඉතා ගුණවතුන්ට මහත් සැදැහැයෙන් කරන පූජා සත්කාර කිරීමේ කුසල් මෙලොව ම විපාක දේ. වස්තු සම්පත්තිය - ක්ෂේත්‍ර සම්පත්තිය - අධ්‍යාශය සම්පත්තිය - ගුණාතිරේක සම්පත්තිය යන සතරින් යුක්ත වන දානමය කුශලය මෙලොව විපාක දෙන බව දක්වා ඇත්තේ ය. පූර්ණක සිටු, ඒකසාටක බ්‍රාහ්මණ, සුමනමාලාකාර යනාදීන්ට වර්තමාන ජාතියේ ම පින් විපාක දුන් බව දක්වා තිබේ.”
https://pitaka.lk/books/abhidharma-margaya/6-7.html}
"7. පාකකාල කර්ම චතුෂ්කය.
දෘෂ්ටධර්‍මවේද්‍ය කර්‍මය
උපපද්‍යවේද්‍ය කර්‍මය
අපරාපර්‍ය්‍යවේද්‍ය කර්‍මය
අහෝසි කර්‍මය
මෙසේ විපාක දීමේ කාලය අනුව කර්ම සතරෙකි. මේ කර්ම සතර තේරුම් ගත හැකි වීමට ජවන් සිත්වල සැටි තේරුම් ගත යුතු ය. කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම්කිසි ක්‍රියාවක් සිදු කිරීම් වශයෙන් උපදනා චිත්ත වීථියක ඒ ක්‍රියාව සිදු කරන ජවන චිත්තය පිළිවෙළින් සත් වරක් උපදී. ඒවායින් පළමුවන ජවන චිත්තය දුබලය. දෙවන ජවන චිත්තය පළමුවන චිත්තයේ ස්වභාවය ගෙන ඉපදීමෙන් බලවත් වේ. තුන්වන ජවන චිත්තය දෙවන චිත්තයට ද වඩා බලවත් වේ. සතරවන ජවන චිත්තය එයට ද වඩා බලවත් වේ. සතරවන ජවනයෙන් පසු උපදනා සිත් ක්‍රමයෙන් නැවත එකින් එකට බලයෙන් හීන ව උපදී. සත් වන ජවනයෙන් පසුත් නැවත ජවන් සිත් නූපදින්නේ ඒ හීන වීම නිසා ය. තමාගේ ජාතියේ සිතක ආශ්‍රය නො ලැබ පළමුවෙන්ම උපදනා බැවින් ජවන් සිත් සතෙන් පළමුවැන්න සියල්ලටම දුබල ය. අන්තිම ජවනයත් දුබල ය. එහෙත් සමාන සිතක ආශ්‍රය ලබා ඇති බැවින් එය පළමු වන ජවනයට වඩා බලවත් ය. වීථියේ මැද ජවන් සිත් පස ඒ දෙකට ම වඩා බලයෙන් යුක්ත ය.
දෘෂ්ටධර්මවේද්‍ය කර්මය
වර්තමාන ජාතියේ විපාක දෙන කර්මය දෘෂ්ටධර්මවේද්‍ය කර්ම නම් වේ. දෘෂ්ටධර්මවේද්‍ය වන්නේ ජවන් සතෙන් ප්‍රථම ජවන චේතනාව ය. දුබල වූ ප්‍රථම ජවන චේතනාවට ශක්තිය ඇත්තේ වර්තමාන භවයේ දී අහේතුක විපාක ඇති කිරීමට පමණෙකි. මරණින් පසු විපාක ඇති කිරීමට ශක්තිය ප්‍රථම ජවන චේතනාවට නැත. වර්තමාන භවයේ විපාක ඇති කරන්නේ ද ඉතා බලවත් කුශලාකුශලයන්ගේ ප්‍රථම ජවන චේතනා පමණෙකි.
ඉතා ගුණවතුන්ට මහත් සැදැහැයෙන් කරන පූජා සත්කාර කිරීමේ කුස්ල මෙලොව ම විපාක දේ. වස්තු සම්පත්තිය - ක්ෂේත්‍ර සම්පත්තිය - අධ්‍යාශය සම්පත්තිය - ගුණාතිරේක සම්පත්තිය යන සතරින් යුක්ත වන දානමය කුශලය මෙලොව විපාක දෙන බව දක්වා ඇත්තේ ය. පූර්ණක සිටු, ඒකසාටක බ්‍රාහ්මණ, සුමනමාලාකාර යනාදීන්ට වර්තමාන ජාතියේ ම පින් විපාක දුන් බව දක්වා තිබේ.
ලොවුතුරා බුදුවරුන්ට - පසේ බුදුවරුන්ට - රහතුන්ට - අපරාධ කළ අයට ද, මහා ගුණවතුන්ට - මාපියන්ට - තමාට උපකාර කළ මිතුරන්ට අපරාධ කළ අයට ද, ඒ පාප කර්මවල විපාකය වර්තමාන භවයේ දී නොයෙක් විට ලැබුණ බව කියා තිබේ. කලාබු රජ - මහා ප්‍රතාප රජ - මිත්තවින්දක යනාදීහු වර්තමාන භවයේ දී ම අකුශල විපාක ලැබුවෝ ය.
සාමාන්‍ය කුශලාකුශලයන්ගේ ප්‍රථම ජවන චේතනා ද සමහරවිට වර්තමාන භවයේ විපාක නො දෙන්නේ නො වේ. එහෙත් ඒ බව කර්මය කළ තැනැත්තාට නො දැනේ.
උපපද්‍යවේද්‍ය කර්මය
වර්තමාන භවයට අනතුරු භවයේ (දෙවන භවයේ) විපාක දෙන කර්මය උපපද්‍යවේදනීය කර්ම නම් වේ. උපපද්‍යවේදනීය වන්නේ වීථියේ ජවන් සතෙන් අන්තිම ජවන චේතනාව ය. එය වැටීගෙන යන ජවන්වල අන්තිම සිත වන බැවින් ඉතා දුබල ය. එහෙත් සවන ජවනයෙන් ආසේවනය ලබා ඇති බැවින් ප්‍රථම ජවනයට වඩා මඳක් බලවත් ය. එබැවින් එය ප්‍රථම ජවනය තරමට ඉක්මනට විපාකයක් ඇති නො කොට දෙවන ජාතියේ ප්‍රතිසන්ධි ප්‍රවෘත්ති විපාක ඇති කරයි. ඉන් ඔබ්බෙහි විපාකයක් ඇති කිරීමට සත්වන ජවනය සමත් නො වේ.
අපරාපර්‍ය්‍යවේද්‍ය කර්මය
තුන් වන ජාතියේ පටන් නිවනට පැමිණීම දක්වා කාලය තුළ දී විපාක දීමේ ශක්තිය ඇති කර්මය අපරාපර්‍ය්‍යවේද්‍ය කර්ම නම් වේ. අපරාපර්‍ය්‍යවේද්‍ය කර්ම වන්නේ චිත්ත වීථිවල මැද ජවන් පස ය. ඒවා බලවත් බැවින් පළමු වන සත් වන ජවනයන් මෙන් ඉක්මනින් විපාක ඇති නො කොට තුන් වන ජාතියේ පටන් නිවනට පැමිණීම දක්වා ඇති කාලය තුළ දී අවකාශ ලැබෙන ලැබෙන පරිදි තමාගේ විපාකය ගෙන දෙන්නේ ය. කොතෙක් පරණ වුව ද, කල්ප දහස් ගණනක් ගත වුව ද පුද්ගලයා සසර සැරිසරනවා නම් අපරාපර්‍ය්‍යවේද්‍ය කර්ම නැති නො වේ. එක් චේතනාවකින් ප්‍රතිසන්ධි විපාක ඇති කරන්නේ එක් වරක් පමණෙකි. ප්‍රවෘත්ති විපාක නොයෙක් වාරවලදී ඇති කෙරේ.
අහෝසි කර්මය
කිසි කලෙක විපාකයක් ඇති නො කරන කර්ම අහෝසි කර්ම නම් වේ. වර්තමාන ජාතියේ විපාක දීමට අවස්ථාව නො ලැබූ ප්‍රථම ජවන චේතනාවෝ ද දෙවන ජාතියේ විපාක දීමට අවස්ථාව නො ලැබූ සප්තම ජවන චේතනාවෝ ද විපාක දීමට තැනක් නො ලබන මධ්‍ය ජවන චේතනාවෝ ද අහෝසි කර්ම නම් වෙති.
විපාකස්ථාන කර්ම චතුෂ්කය
අකුශල කර්මය, කාමාවචර කුශල කර්මය, රූපාවචර කුශල කර්මය, අරූපාවචර කුශල කර්මය කියා විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්ම සතරෙකි.
කෘත්‍ය කර්ම චතුෂ්කය, පාකදාන පර්‍ය්‍යාය කර්ම චතුෂ්කය, පාකකාල කර්ම චතුෂ්කය, පාකස්ථාන කර්ම චතුෂ්කය කියා අභිධර්ම ක්‍රමයෙන් කර්ම සොළොසෙකි."