225. විස්තර කළ හැකි ද​?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. යමෙක් යම්දෙයක් ගැන ලෝභයෙන් බැඳේ නම් එම සිද්දිය පටිච්ච සමුප්පාදයේ අංග ඇසුරෙන් විස්තර කළ හැකිද​? (උදාහරණයක් ලෙස කාන්තා රූපයකට තණ්හා කිරීම​.)

A / R. “ආනන්දය, එසේ නොකියව. ආනන්දය, එසේ නොකියව ආනන්දය, මේ (පටිච්ච සමුප්පාදය) හේතු ඵල ධර්මය ගැඹුරු වෙයි. ගැඹුරු දැකුම් ඇත්තේද වෙයි. ආනන්දය, මේ ධර්මය නොදැනීම හේතුකොට ගෙන, හොඳින් අවබොධ නොකිරීම හේතුකොටගෙන මේ සත්ව සමූහයා මීයන් විසින් කපා අවුල් කර දමනලද රෙදි වියන්නන්ගේ නූල් කැටියක් මෙන් අවුල්වී, කුරුළු කූඩුවක් මෙන් ගෙතී, තණ බිස්සක් මෙන් පැටලී සැපයෙන් පහවූ බැවින් අපාය නම්වූ නපුරු ගති ඇත්තාවූ දුක් ඇත්තාවූ සසර නොයික්මවයි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll