986. ආර්යකාන්ත සීලය කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤


Q. ආර්යකාන්ත සිලය යනු කුමක්ද? කරුනාවෙන් පැහැදිලි කර දෙන්න.

A. [මීට පෙර ද බොහෝ වාරයක් සාකච්ඡා වී ඇත සොයා බලන්න!]

“අරිය කන්ත‍ෙහි = ආර්යයන් හට ප්‍රියවූ ද, මනාප වූ ද අයුරින්, වෙනත් වයකට ගියාවූ හෝ ආර්යයෝ පන්සිල් නම් කඩනොකරති. මෙසේ ඔවුන් (ආර්යයන්) හට ප්‍රිය වූ එම පන්සිල් සඳහාම කියන ලදී.”


"අරියකන‍්තෙහීති අරියානං කන‍්තෙහි පියෙහි මනාපෙහි. පඤ‍්ච හි සීලානි භවන‍්තරගතාපි අරියා න කොපෙන‍්ති, එවං තෙසං පියානි. තානි සන්‍ධායෙතං වුත‍්තං."

[“අරිය කන්ත‍ෙහි = ආර්යයන් හට ප්‍රියවූ ද, මනාප වූ ද අයුරින්, වෙනත් භාවයකට ගියාවූ හෝ ආර්යයෝ පන්සිල් නම් කඩනොකරති. මෙසේ ඔවුන් (ආර්යයන්) හට ප්‍රිය වූ එම පන්සිල් සඳහාම කියන ලදී. අඛණ්ඩ‍ෙහි යනුවෙන් පෙර කී කරුණට සමාන යයි කියන ලදී. (බඳුනක) මුව ගැටියෙහි එක් තැනක් කැඩුණේ නම් “ඛණ්ඩ” යයි කියනු ලැබේ. මැද කැඩෙන්නේ නම් “ජිද්ද” යයි ද, එක් පෙදෙසක් කැඩුණේ නම් විවිධ වර්ණ සහිත ගව දෙනක සේ පෙනෙන බැවින් “සබල” යයි ද, විවිධ තැන්හි බින්දු අයුරින් විවිධාකාර ලෙස කැඩුනේ නම් “කම්මාස” යයි ද කියනු ලැබේ. මෙසේම පිළිවෙළින් මුල හෝ අග හෝ කැඩුණ සීලය “ඛණ්ඩ” නම් වේ, මැද කැඩුණ සීලය “ඡිදද” නම් වේ, යම් කිසි තැනෙක දෙපොළක් හෝ තුන් පොළක් පිළිවෙළින් කැඩුණා සීලය “සබල” නම් වේ. තැනින් තැන කැඩුණා සීලය “කම්මාස” නම් වේ. එම දෝෂ නැති වීමෙන් “අඛණ්ඩ සීල” නම් වේ යන ආදී වශයෙන් දත යුතුය. …”]

T. “විදර්ශනා භාවනාව කොට ලෝකෝත්තර මාර්ග ඵල උපදවා ගත් පුද්ගලයෝ ආර්‍ය්‍ය පුද්ගලයෝ ය. සෙස්සෝ පෘථග්ජනයෝ ය.

සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය, සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අනාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය, අනාගාමි ඵලස්ථ පුද්ගලයා ය, අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය, අර්හත් ඵලස්ථ පුද්ගලයා ය කියා ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙනෙකි. මාර්ගස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි. ඵලස්ථ පුද්ගලයෝ සතර දෙනෙකි.”


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll