681. බණ ඇසිය යුත්තේ කොහොම ද? ධර්ම ශ්‍රවණය / දහම් ඇසීම කළ යුත්තේ කොහොම ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. බොහෝ අය ධර්මය ශ්‍රවණය කරන්නෙ කුමන හෝ වෙනත් වැඩක යෙදෙන ගමන්... ධර්මය ශ්‍රවණය කලයුතු නිවැරැදි ඉරියව්වක් තිබේද...?

A. “ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්මකථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. තවද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතුය. තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි.”
https://pitaka.lk/books/bauddhayage-athpotha/6-7.html

 “ස්වාමීන් වහන්ස, ඉදින් ඒ ආයුෂ්මතුන් වහන්සේ මට ධර්මය දේශනා කෙරේ නම් සකස්වම ශ්‍රවණය කරමි. නොසකස්ව ශ්‍රවණය නොකරමි.”
“සක්කච්චංයෙව සුණොමි, නො අසක්කච්චං.”
https://pitaka.lk/main?n=33121&p=21

“මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පසක් වෙත්.
“කවර පසක්ද යත්? නොඅසන ලද්ද අසයි. අසන ලද්ද පිරිසිදු කෙරෙයි. සැකය දුරු කෙරෙයි. දෘෂ්ටිය ඎජු කෙරෙයි. මොහුගේ සිත පහදියි යන පසයි.
https://pitaka.lk/main?n=30302

“මහණෙනි, යටට නැමුණු ප්‍රඥා ඇති පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිතර භික්‍ෂූන්ගේ සමීපයෙහි ධර්‍මශ්‍රවණය පිණිස ආරාමයට යන්නේ වෙයි. ඔහුට භික්‍ෂූහු, මුල යහපත්වූද, මැද යහපත්වූද, අවසන යහපත්වූද, ධර්මය, අර්ත්‍ථ සහිතවූ, අක්‍ෂර ව්‍යඤ්ජන සහිතවූ, සියල්ලෙන් සම්පූර්‍ණවූ, බ්‍රහ්මචර්‍ය්‍යාව දේශනා කෙරෙද්ද, හෙතෙම ඒ අස්නෙහි හුන්නේ, ඒ කථාවෙහි මුල, මැද, අග මෙනෙහි නොකරයි. ඒ අස්නෙන් නැගිට්ටේ ද මෙනෙහි නොකරයි.”
https://pitaka.lk/main?n=281210

“ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්ම දේශනා සිවි ආදිය සිඳ ඇටමිදුළුවල හැපී සිටියි. කුමක් හෙයින් මොවුන් ඔබවහන්සේ ධර්මදේශනා කරනවිටත් සකසා නොඅසන්නේද? ආනන්ද මගේ ධර්මය මනාසේ ඇසිය යුතුයයි සංඥා කෙරේද? ඇයි ස්වාමීනි ඇසීමට අපහසුද? එසේය ආනන්ද ඇයි ස්වාමීනි. ආනන්ද බුද්ධ - ධම්ම - සංඝ යන පද මේ සත්ත්වයන් විසින් අප්‍රමාණ කල්ප කෙළදහසක් නො ඇසු විය. යම් හෙයකින් මේ ධර්මය ඇසීමට නොහැකිවන්නේ කෙළවරක් නොමැති සසර මේ සත්ත්වයෝ නොයෙක් ආකාර තිරච්ඡාන කථාම පමණක් අසමින් පැමිණියෝය. එනිසා සුරාසැල් කෙළිමඩල ආදීන්හි ගයමින් නටමින් හැසිරෙත්. ධර්මය ඇසීමට නොහැකිවෙති. ස්වාමීනි කවර කරුණක් නිසා මේ සත්ත්වයින්ට නොහැකිවේද? ...”
https://pitaka.lk/dhammapada/katha-190.htm

“සක්කච්චං සුණන්තීති” - “න සක්කච්චං ධම්මං සුණන්ති”
https://pitaka.lk/main?n=30254&p=154
https://pitaka.lk/main?n=30255&p=155
https://pitaka.lk/main?n=30256&p=156
“චතුත්ථෙ ¶ න සක්කච්චං ධම්මං සුණන්තීති ඔහිතසොතා සුකතකාරිනො හුත්වා න සුණන්ති ¶. න පරියාපුණන්තීති යථාසුතං ධම්මං වළඤ්ජන්තාපි සක්කච්චං න වළඤ්ජෙන්ති. පඤ්චමං උත්තානමෙව.”
https://tipitaka.app/?a=ie15-9-si

“එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ නිවන් පිළිබඳ ධර්‍ම කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වනසේක. ඔවුන් එහි අවබෝධ කරවන සේක. තෙද ගන්වන සේක. සතුටු කරවන සේක. ඒ භික්‍ෂූහුද අර්ත්‍ථවත් කොට මෙනෙහි කොට, මුළු සිත එහි යොමු කොට, කන් යොමා ධර්‍මය අසත්.”
“තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූ නිබ්බානපටිසංයුත්තාය ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.”
https://pitaka.lk/main?n=21178&p=216

“මහණෙනි, ආර්යශ්‍රාවක තෙමේ යම් කලෙක අර්ථයෙන් යුක්තව මෙනෙහිකොට මුළු සිත යොමුකොට කන්යොමා ධර්මය අසයිද, එකල ඔහුට පඤ්ච නීවරණයෝ නොවෙත්. එකල්හි සප්ත සම්බොජ්ඣංගයෝ වැඩීමෙන් සම්පූර්ණ වීමට පැමිණෙත්.”
https://legacy.suttacentral.net/si/sn46.38

“ඔහිතසොතාති අවහිතසොතා, සුට්ඨු උපිතසොතා. ඔහිතසොතාති වා අවික්ඛිත්තසොතා.”
https://tipitaka.app/?a=jc8-3-si
“ඔහිතසොතාති ඨපිතාසොතා.”
https://tipitaka.app/?a=ha4-50-si
“ඔහිතසොතාති අනඤ්ඤවිහිතතාය ධම්මස්සවනාය අප්පිතසොතා, තතො එව තදත්ථං ඨපිතසොතා.”
https://tipitaka.app/?a=ma4-70-si

“කණ නොනමාද. වෙන කරුණක් සිතට නගා ගනීද, අනර්ත්‍ථයක්ම ගනීද, අර්ත්‍ථය නොසලකා හරීද. පිළිවෙලින් තොරවූ ඉවසීමෙන් යුක්ත වේද. මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.”
https://pitaka.lk/main?n=31184&p=88

“… දොස් කීමේ අදහසින් බණ අසාද, …”
https://pitaka.lk/main?n=32129&p=29

“දොෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද අහසට පොළොව මෙන් සද්ධර්මයෙන් ඈත්වූයේවේ.
“දොෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද කළුවර පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් සද්ධර්මයෙන් පිරිහෙයි.
“දොෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද දිය නැති විල්හි මසෙකු මෙන් සද්ධර්මයෙන් පිරිහේ.”
“දොෂාරොපන කරණ අදහසින් මෝඩයා බුද්ධාවවාද අසයිද කුඹුරෙහි කුණුවූ බීජ මෙන් සද්ධර්මයෙහි නොවැඬේ.
“යමෙක් සතුටු සිතින් බුද්ධාවවාදය අසයිද, සියලු පව් නසා රහත් බව ප්‍රත්‍යක්ෂකොට පරම ශාන්තියට පැමිණ කෙලෙස් රහිතව පිරිනිවන්පායි.”
https://pitaka.lk/main?n=441410

“මහණෙනි, කරුණු පසකින් යුක්තව සද්ධර්මය අසන්නේ, කුශල ධර්මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නියමයන්ට බැසගන්ට සුදුසු වේ.
“කවර පසකින්ද යත්? කථාවට පරිභව නොකෙරේද, කථිකයාට පරිභව නොකෙරේද, තමාට පරිභව නොකෙරේද, වික්‍ෂිප්ත නොවූ සිත් ඇත්තේ ධර්මය අසාද, එකඟ සිත් ඇත්තේ නුවණින් මෙනෙහි කෙරේද යන පසිනි.”
https://pitaka.lk/main?n=30251
{https://pitaka.lk/main?n=30252
https://pitaka.lk/main?n=30253}

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll