650 - සළායතන නිරෝධය?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පටිච්චසමුප්පාදයේ එන "සලායතන" නිරෝධ කරල නිවන් දකින්නේ කොහොමද ? "සලායතන" නිරෝධ වූ විට ඉතුරු වෙන්නෙ මොනවාද?

A. >සරල අර්ථය උකහා ගැනීමට වරහන් ( ) තුළ ඇති කොටස් නොසලකාහරින්න <
සළායතන නිරෝධයේ දී ද සිදු වන්නේ (“අනුත්පාද නිරෝධය” හෝ “කර්මක්ෂය” නොහොත්,) එතැන්සිට ඉදිරියට නැවත ඉපදීම ට අදාළ කර්ම රැස් නොවීමයි. එහෙත්, උන්වහන්සේට මෙම භවයේ ඉපදීම (ප්‍රතිසන්ධිය) ගෙන දුන් කර්මයේ විපාක (භාවංග සිත්) හා සසර කළ වෙනත් කර්මවල විපාක (අහේතුක 18) නිසා ජීවත් වීම හා සුව-දුක් විඳීම (අහේතුක 18, මහා විපාක 8) සිදු වේ.
[ශාරීරිකව වැඩ සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.]
{පිරිනිවන් පානා තෙක්, සසර කළ (සමහර) පින්-පව් විපාක විඳින්නා සේ ම, මේ භවයේ කරන කුසල්වල (ක්‍රියා සිත්වල = මහා ක්‍රියා 8 / මහග්ගත ක්‍රියා 9) ද (සමහර) පුණ්‍ය විපාක විඳිය හැකි බව ද සිතේ.}

Q. තේරෙන විදියට පැහැදිලි කරන්න පුලුවන්ද?

A. පුද්ගලයට මොකුත්ම වෙන්නේ නෑ; පුද්ගලයා ඉන්නවා - මානසික පරිවර්තනයක් විතරයි වෙන්නේ - ඒ මානසික පරිවර්තනය නිසා ආයේ ඉපදෙන්නේ නෑ.

Q. අහපු දේට උත්තරේ ලැබුනෙ නෑ

A. ඔබ මෙම ප්‍රශ්නය ම වෙනත් ආකාරයකිනුත් අසා තිබුණා - එයටත් එක්කයි පිළිතුරු ලබා දුන්නේ - සළායතන නිරෝධය පටන් ගන්නේ අවිද්‍යා නිරෝධයෙන් මිස එක පාරට ම සලායතන නිරෝධයෙන් නොවේ.

Q. සලායතන කියන්නේ මොකක්ද?

A. ප්‍රශ්නයක් අහනකොට ඒ ප්‍රශ්නයේ වට-පිටාව (පාරිභාෂික පද) ගැන වත් දැනගෙන අහන්න මිත්‍රයා; නැතිනම්, ඔබේ ප්‍රශ්නයෙන් අන් අයට ප්‍රයෝජනයක් ඇතත්, ඔබට වැඩක් නොවේවි.

[අන්තර්ජාලය භාවිතාවෙන් (රේරුකානේ හිමියන්ගේ පොත්-පත් ඇසුරින්) බෝ විශ්වාසනීය දැනුම ලබා ගත හැක.]
[https://tipitaka.lk/library/0]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll