482. ලොව්තුරා බුදුබව පැතීම?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ලොවුතුරා බුද්ධත්වය පැතීම සිදුකල යුත්තේ ජීවමාන සම්බුදු කෙනෙකුන් ඉදිරියේද? සංසාරයේ සිටම බුදු බව පතන අයෙකුට තමා බුදු බව පතන කෙනෙක් යැයි, භවයෙන් භවයට මතක හිටින්නේ කෙසේද?

A / R. “මා විසින් පුරුෂෝත්තමයා කෙරෙහි කරන ලද මේ අධිකාරයෙන් සර්වඥත්වයට පැමිණෙන්නෙමි, බොහෝ ජනයා සසරින් එතර කරවන්නෙමි” යි සුමේධ පණ්ඩිතයන් වහන්සේ දීපංකර බුදුන් වහන්සේ ඉදිරියේ පැතුවාක් මෙන් ලොවුතුරා බුදු කෙනෙකුන් ඉදිරියේ ප්‍රථම කොට බුදුබව පැතීම අභිනීහාර නමි. බුද්ධත්වය පිණිස කරන අභිනීහාරය අෂ්ටාංගයකින් යුක්ත විය යුතුය.
"චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂාදි වශයෙන් දැක්වෙන කාලයන් පිරිසිඳිනුයේ අභිනීහාරයේ පටන් ය."

[“අප බුදු රජාණන් වහන්සේ ගේ කායවාක් ප්‍රණිධාන කාලය වූ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයෙහි ...., වාක් ප්‍රණිධාන කාලය වූ නවාසංඛ්‍ය කල්ප ලක්ෂයෙහි හා මනෝ ප්‍රණිධාන කාලය වූ සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයෙහි ...,”]
https://pitaka.lk/books/paramitha-prakaranaya/4-3.html

බෝධි සත්ත්වයෝ සුවිශේෂී පුද්ගලයෝ ය.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll