700. "පදපරම" කියන්නේ ඇයි?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. පදපරම යන්නෙහි නිවැරදි අර්ථය පෙන්වන්න.

A. “කවර පුද්ගලයෙක් පදපරම වේ ද යත්: බොහෝ කොට අසන්නා වූ ද බොහෝ කොට කියන්නා වූ ද බොහෝ කොට දරන්නා වූ ද බොහෝ කොට කියවන්නාවූද යම් පුද්ගලයෙකුට ඒ ආත්මභාවයෙහි ධර්මාභිසමය නො වේ ද මේ පුද්ගල පදපරම ය යි කියනු ලැබේ.”
http://www.thripitakaya.org/tipitakaya/Index/1105?s=24065

“කතමො ච පුග්ගලො පදපරමො? යස්ස පුග්ගලස්ස බහුම්පි සුණතො බහුම්පි භණතො බහුම්පි ධාරයතො බහුම්පි වාචයතො න තාය ජාතියා ධම්මාභිසමයො හොති – අයං වුච්චති පුග්ගලො “පදපරමො”.”
https://tipitaka.app/?a=2d1-173-si

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll