382. "බිය" යනු කුමක් ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. "බිය" කුමන අකුසල මුලයක් නිසා හටගන්නක්ද?

A / R. 1. භය / බිය “ද්වේෂ මූලික” ම වේ.

2. පසුතැවීම ද “ද්වේෂ මූලික” ම වේ.

3. තණ්හාව / ලෝබය / ප්‍රේමය / ... නිසා හටගන්නා භය / බිය අනෙකකි*; “ද්වේෂ මූලිකව” හටගන්නා බිය අනෙකකි*. (අනෙකකි* = වෙනම ම කාරණයකි.)
එනම්, තණ්හාව ආදිය නිසා, දෙවනුව බිය හටගනී; නමුදු, බිය යනු ද්වේෂයේ ම එක්තරා ස්වරූපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll