222. දෙවියොත් "Sex" කරනවා ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. ඇතැම් දෙවි දේවතාවුන් සංසර්ගයේ යෙදෙන බව මා අසා තිබෙනවා; ධර්මයේ මේ ගැන සදහන් වෙනවාද?


A / R. 3. යාමය - හුදු ආලිංගනය පමණි.
4. තුසිතය - අත් පටලාගෙන සිටීම පමණි.
5. නිම්මාණරතිය - සිනා සීම පමණි.
6. පරනිම්මිතවසවත්තිය - එකිනෙකාගේ දෑස් දෙස ගැඹුරු බැල්මකින් බලා සිටීම පමණි.

දිව්‍ය ලෝක හයෙන්, 
1. චාතුර්මහාරාජිකය.
2. තාවතිංසය.
යන දිව්‍යලෝක දෙක “පහළ දිව්‍ය ලෝක” ලෙස හැඳින්වේ.

3. යාමය. 
4. තුසිතය.
5. නිම්මාණරතිය.
6. පරනිම්මිතවසවත්තිය.
යන දිව්‍යලෝක හතර “ඉහළ දිව්‍ය ලෝක” ලෙස හැඳින්වේ.

යක්ෂ, නාග, ගාන්ධර්ව, කුම්භාණ්ඩ, (ගරුඬ), (භූමාටු දෙවියන්), ආදී කොටස් ද අයිතිවන්නේ “පහළ දිව්‍ය ලෝක” දෙකටය. මෙම කොටස් (පෘථිවියහි මෙන්) ලෞකික සැපසම්පත් වන නැටුම්, ගැයුම්, විවාහ උත්සව හා ලිංගික සංසර්ගයේ යෙදෙන බව කියවේ.

ඉහළ ඉහළ දේව ලෝකයන්ට යන විට මෙමෙ තත්වය ක්‍රමයෙන් හීන වී භංග වේ.

[දිව්‍යලෝක (“‘කාම’ ලෝක” – “කාම සුගති’) තුළ ලිංග භේදය හා පංචේන්ද්‍රියන් ම දක්නට ලැබීම ද සලකා බැලීම වටී.]
පෘථිවියට සාපේක්ෂව කිසිදු දිව්‍ය ලෝකයක රළු මට්ටමේ පංචකාම වින්දනයක් හෝ සංසර්ගයක් අපේක්ෂා කළ නොහැක. 
{කෙසේ වෙතත්, ථෙරවාදී ත්‍රිපිටක මුලාශ්‍ර ඇසුරින් සපථ වන තුරු, ඉහත තොරතුරු “ඉස් මුදුණෙන්” පිළිනොගත යුතු ය. (ඉහත තොරතුරු උපකාරයෙන් ද) ගවේෂණශීලී වෙන්න.}
[ඉතා සිත්ගන්නා සුළු හා මෙහි ඔබලා විසින් සාකච්ඡා කළ/නොකළ දෑ පහත සබැඳි (හා ග්‍රන්ථය) මඟින් දැන ගත හැක. (ඒවා පරිවර්තනයට කාල වෙලා නොමැති බව කරුණාවෙන් සලකන්න.)]

Translated into Sinhalese from - Nirvana and Other Buddhist Felicities
By Prof. Steven Collins, And from - https://en.wikipedia.org/.../Buddhist_cosmology_of_the...
https://en.wikipedia.org/.../Buddhist_cosmology_of_the...
http://www.arrowriver.ca/wheel/heaven.html
හා [ (ඒ තුළ) අත්භූතජනක ලෙස සුරැකී පවතින, සංස්කෘත භාෂාවෙන් පරිවර්තනය කරන ලදැයි සැලකෙන බුරුම කෘතියක් වන ‘ලෝකපඤ්ඤත්ති’ නම් කෘතිය තුළින් ද) සිංහලට පරිවර්තනය කරන ලදී.]

A / S / T. සයවන සූත්‍රයෙහි කාමුප්පත්තියො යනු කාම ප්‍රතිලාභ හෝ කාම ප්‍රතිසේවනයෝය. පච්චුපට්ඨිතකාමා යනු නිරතුරු කාම, නිරතුරු අරමුණු - මිනිසුන් මෙනි. මිනිස්සු වනාහි තම සිත බැඳුණු වස්තුවෙහි (තමාගේ) බලය පවත්වති. යම්තැනක බැඳුණු සිත් ඇත්තාහු වෙත් ද සියයක් ද දහසක් ද දී ඒ කාන්තාවම ගෙනවුත් නිතර පරිභෝග (පරිහරණය) කරති (බැඳුණු සම්පත බුදිති.) ඇතැම් දෙවියෝ ද (එසේය). චාතුම්මහාරාජිකයේ පටන් දෙව්ලෝ සතරෙහි වාසය කරන දෙවිවරු බැඳුණු වස්තුවෙහිම බලය පවත්වති. මෙහිදී පංචසිඛ කථාවස්තුව නිදසුනකි. එසේම අපායට, නිරයට අයත් ඇතැම් සත්ත්වයින් හැර සෙසු අපාය සත්ත්වයෝ ද බැඳුණු වස්තුවෙහිම (තමාගේ) බලය පවත්වති. මාළුවා තමාගේ මාළුදෙන සමග ද කැසුබුවා තමාගේ කැසුබුදෙන සමගදැයි මෙසේ සියලු තිරිසන්නු ද ප්‍රේතයෝ ද විනිපාතිකයෝ ද එසේය. එහෙයින් නිරයට අයත් සත්ත්වයන් හැර සෙසු අපාය සත්ත්වයන් ගෙන තුසිත දෙවිවරු තෙක් මේ සත්ත්වයෝ පච්චුපට්ඨිත කාම ඇත්තෝ නම් වෙති. නිම්මාණරතිනො යනු තමන් මවාගත් නිර්මාණයෙහි ඇලීම ඔවුන්ට ඇත යනුවෙන් නිර්මාණරති නම් වෙති. ඔවුහු නිල් කහ ආදී වශයෙන් යම්බඳු රූපයකට කැමති වෙත්ද එවැන්නක් මවාගෙන ඇලෙති. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ ඉදිරියෙහි වූ මනාපකායික දෙවිවරුන් මෙනි. පරනිම්මිතවසවත්තිනො යනු අනුන් විසින් මවන ලද කාමයන්හි බලය පවත්වති යන අරුතින් පරනිර්මිත වසවර්තීහු නම් වෙති. ඔවුන්ගේ සිත දැන අන්‍යයෝ කැමති පරිදි කාම වස්තු නිර්මාණය කරති. ඔවුහු එහි බලය පවත්වති. ඔවුහු කෙසේ අනිකකුගේ සිත දනිත් ද? ඇසුරුකිරීම් වශයෙන් දනිති. යම්සේ දක්‍ෂ අරක්කැමියා අනුභව කරන රජුට යමක් යමක් රුචි වේද, ඒ ඒ දෙය දනියි. මෙසේ ස්වභාවයෙන් කැමති අරමුණ දැන එබන්දක්ම නිර්මාණය කරති. ඔවුහු එහි බලය පවත්වති. මෛථුන සේවනාදී වශයෙන් කාමයන් අනුභව කරති. ඇතැමෙක් වනාහි ‘සිනාසීම් පමණකින් ද බැලීම් පමණකින් ද වැළඳගැනීම් පමණකින් ද අත් අල්ලාගැනීම් පමණකින් ද ඔවුන්ගේ කාම කටයුත්ත ඉටුවේය’යි කියති. එය අටුවාවෙහි ‘එය වනාහි නැතැයි’ ‘ප්‍රතික්‍ෂේප කරන ලදී. කයින් ස්පර්ශ නොකරන්නහුට ඵොට්ඨබ්බ කාම කටයුත්තක් සිදු නොවේ. කාමාවචර දෙව්ලෝ හයෙහි දෙවියන්ගේ කාමයෝ ප්‍රකෘති ස්වභාවයෙන්ම යුක්ත වෙති. එය -
ඡ එතෙ කාමාවචරා සබ්බකාම සමංගිනො
සබ්බසං එකසංඛාතං ආයු භවති කිත්තක’න්ති
සියලු කාමයන්ගෙන් යුක්ත වූ ඒ කාමාවචර දෙව්ලෝ හයක් ඇත. (ප්‍රකෘති ස්වභාවයෙන් යුක්තවීම් වශයෙන්) එක් ආකාර ලෙස කියන ලද දෙව්ලෝ සියල්ලේ ආයුෂ කොපමණ වේද, යනුවෙන් කියන ලදී."


["ඡට්ඨෙ කාමූපපත්තියොති කාමපටිලාභා කාමපටිසෙවනා වා. පච්චුපට්ඨිතකාමාති නිබද්ධකාමා නිබද්ධාරම්මණා යථා තං මනුස්සා. මනුස්සා හි නිබද්ධවත්ථුස්මිං වසං වත්තෙන්ති. යත්ථ පටිබද්ධචිත්තා හොන්ති, සතම්පි සහස්සම්පි දත්වා තමෙව මාතුගාමං ආනෙත්වා නිබද්ධභොගං භුඤ්ජන්ති. එකච්චෙ ච දෙවා. චාතුමහාරාජිකතො පට්ඨාය හි චතුදෙවලොකවාසිනො නිබද්ධවත්ථුස්මිංයෙව වසං වත්තෙන්ති. පඤ්චසිඛවත්ථු චෙත්ථ නිදස්සනං. තථා එකච්චෙ ආපායිකෙ නෙරයිකෙ ඨපෙත්වා සෙසඅපායසත්තාපි නිබද්ධවත්ථුස්මිංයෙව වසං වත්තෙන්ති. මච්ඡා හි අත්තනො මච්ඡියා, කච්ඡපො කච්ඡපියාති එවං සබ්බෙපි තිරච්ඡානා පෙතා විනිපාතිකා ¶ ච. තස්මා නෙරයිකෙ ඨපෙත්වා සෙසඅපායසත්තෙ උපාදාය යාව තුසිතකායා ඉමෙ සත්තා පච්චුපට්ඨිතකාමා නාම, නිම්මානරතිනොති සයං නිම්මිතෙ නිම්මානෙ රති එතෙසන්ති නිම්මානරතිනො. තෙ හි නීලපීතාදිවසෙන යාදිසං යාදිසං රූපං ඉච්ඡන්ති, තාදිසං තාදිසං නිම්මිනිත්වා රමන්ති ආයස්මතො අනුරුද්ධස්ස පුරතො මනාපකායිකා දෙවතා විය. පරනිම්මිතවසවත්තිනොති පරෙහි නිම්මිතෙ කාමෙ වසං වත්තෙන්තීති පරනිම්මිතවසවත්තිනො. තෙසඤ්හි මනං ඤත්වා පරෙ යථාරුචිතං කාමභොගං නිම්මිනන්ති, තෙ තත්ථ වසං වත්තෙන්ති. කථං තෙ පරස්ස මනං ජානන්තීති? පකතිසෙවනාවසෙන. යථා හි කුසලො සූදො රඤ්ඤො භුඤ්ජන්තස්ස යං යං රුච්චති, තං තං ජානාති, එවං පකතියා අභිරුචිතාරම්මණං ඤත්වා තාදිසෙයෙව නිම්මිනන්ති, තෙ තත්ථ වසං ¶ වත්තෙන්ති, මෙථුනසෙවනාදිවසෙන කාමෙ පරිභුඤ්ජන්ති. කෙචි පන “හසිතමත්තෙන ඔලොකිතමත්තෙන ආලිඞ්ගිතමත්තෙන හත්ථග්ගහණමත්තෙන ච තෙසං කාමකිච්චං ඉජ්ඣතී”ති වදන්ති, තං අට්ඨකථායං “එතං පන නත්ථී”ති පටික්ඛිත්තං. න හි කායෙන අඵුසන්තස්ස ඵොට්ඨබ්බං කාමකිච්චං සාධෙති. ඡන්නම්පි කාමාවචරදෙවානං කාමා පාකතිකා එව. වුත්තඤ්හෙතං –

“ඡ එතෙ කාමාවචරා, සබ්බකාමසමිද්ධිනො;
සබ්බෙසං එකසඞ්ඛාතං, ආයු භවති කිත්තක”න්ති."]

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll