Q. "දෙතිස් කතා නොකරන්න"
යැයි දේශිත සූත්‍ර මූලාශ්‍ර ටිකක් කියන්න.
A. සිල් සමාදන් වූවන් විසින් හළ යුතු දෙතිස්කථාව.
(1) රජුන් පිළිබඳ කථා ය, (2) සොරුන් පිළිබඳ කථා ය, (3) රජ ඇමතියන් පිළිබඳ කථා ය, (4) සේනා පිළිබඳ කථා ය, (5) භය පිළිබඳ කථා ය, (6) යුද්ධ කථා ය, (7) කෑම පිළිබඳ කථා ය, (8) බීම පිළිබඳ කථා ය, (9) ඇඳුම් පිළිබඳ කථා ය, (10) යහන් පිළිබඳ කථා ය, (11) මල් මාලා පිළිබඳ කථා ය, (12) සුවඳ පිළිබඳ කථා ය, (13) නෑයන් පිළිබඳ කථා ය, (14) රථ වාහන පිළිබඳ කථා ය, (15) ගම් පිළිබඳ කථා ය, (16) නියම් ගම් පිළිබඳ කථා ය, (17) නගර පිළිබඳ කථා ය, (18) ජන පද පිළිබඳ කථා ය, (19) ස්ත්‍රීන් පිළිබඳ කථා ය, (20) ශූරයන් පිළිබඳ කථා ය, (21) වීථි පිළිබඳ කථා ය, (22) වැව් පොකුණු ආදි ජල ස්ථාන පිළිබඳ කථා ය, (23) මියගිය නෑයන් පිළිබඳ කථා ය, (24) නො කියවුණු නොයෙක් දේ පිළිබඳ නිර්ථක කථා ය, (25) විතණ්ඩ කථා නම් නුවණැතියන්ගේ සිත් තැළෙන කථා ය, (26) මුහුද පිළිබඳ කථා ය, (27) ශාස්වත වාදය පිළිබඳ කථා ය, (28) උච්ඡේද වාදය පිළිබඳ කථා ය, (29) දියුණුව පිළිබඳ කථා ය, (30) පිරිහීම පිළිබඳ කථා ය, (31) පස්කම් සැප පිළිබඳ කථා ය, (32) ආත්ම පෙළීම පිළිබඳ කථා ය යන මේ දෙතිස් කථාවෙන් සිල් රක්නවුන් විසින් වැළකිය යුතු ය.
A. “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ වැඩනැති කථාවෙහි යෙදී වාසය කරති. එනම්: රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහා ඇමතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය යුද්ධ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන කථාය, ඇඳුම් පැළඳුම් ගැන කථාය, නිදාගැනීම් ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳ ද්‍රව්‍ය ගැන කථාය, නෑයන් ගැන කථාය, යාන (රථ) ගැන කථාය, ගම් ගැන කථාය, ගම් අසල නියම්ගම් ගැන කථාය, නුවර ගැන කථාය, ජනයා ගැවසීගත් පළාත් ගැන (ජනපද) කථාය, ස්ත්‍රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, වතුරගන්නා තැන්වලට හෝ තොටුපළවලට රැස්වූ අය කරණ කථාය, නැසීගිය නෑයන් ගැන කථාය, නොයෙක් (ප්‍රයෝජන නැති දේ) ගැන කථාය, ලෝකයේ මැවුම්කාරයා ආදී විනිශ්චය නැති දේ ගැන කථාය, මහමුහුද ගැන කථාය, ඇතිවීම නැතිවීම ගැන (සීමාරහිත) කථාය යන මේ කථායි. මෙබඳුවූ කථාවෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.”

https://pitaka.lk/main?n=15103&p=17
{“ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බොහෝවූ භික්ෂූන් සමග දේවකටසොබ්භ නම් විල යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. එකල්හි වනාහි සන්දක නම් පරිව්‍රාජක තෙම උස්හඬින්ද, මහහඬින්ද, නොයෙක් ප්‍රකාර තිරිසන් කතා කියමින් මහත් ශබ්ද පවත්වන්නාවූ මහත් පිරිවැජි පිරිස සමග හුන්නේ වෙයි. එනම්, රජුන් පිළිබඳ කතාය, සොරුන් පිළිබඳ කතාය, මහ ඇමැතියන් පිළිබඳ කතාය, සේනාවන් පිළිබඳ කතාය, භය පිළිබඳ කතාය, යුද්ධ පිළිබඳ කතාය, ආහාර පිළිබඳ කතාය, බොන දේ පිළිබඳ කතාය, ඇඳුම් පිළිබඳ කතාය, නිදන ආසන පිළිබඳ කතාය, මල්මාලා පිළිබඳ කතාය, සුවඳ පිළිබඳ කතාය, නෑයන් පිළිබඳ කතාය, රථ පිළිබඳ කතාය, ගම් පිළිබඳ කතාය, මහගම් පිළිබඳ කතාය, නගරයන් පිළිබඳ කතාය, ජනපද පිළිබඳ කතාය, ස්ත්‍රීන් පිළිබඳ කතාය, සූරයන් පිළිබඳ කතාය, වීථි පිළිබඳ කතාය, දියතොට පිළිබඳ කතාය, පූර්වඥාති ප්‍රේතයන් පිළිබඳ කතාය, නොයෙක් ස්වභාවයෙන් යුක්ත කතාය, ලෝකය පිළිබඳ ප්‍රකාශ වන්නාවූ කතාය, සමුද්‍රය පිළිබඳව ප්‍රකාශ වන්නාවූ කතාය ‘මෙසේ වන්නේය, මෙසේ නොවන්නේය’ යන මෙය පිළිබඳ කතාය යන මේවායි.”
https://pitaka.lk/main?n=19126&p=223}
“මහණෙනි, සග මොක් දෙකට බාධා කරන (තිරච්ඡාන කථා) කථා නොකරව්. ඒ කවරහුද? රජුන් පිළිබඳ කථාය, සොරුන් පිළිබඳ කථාය, ඇමතියන් පිළිබඳ කථාය, සේනා පිළිබඳ කථාය, භය පිළිබඳ කථාය, යුද පිළිබඳ කථාය, ආහාර පිළිබඳ කථාය, පානවර්ග පිළිබඳ කථාය, වස්ත්‍ර පිළිබඳ කථාය, යහන් පිළිබඳ කථාය, මල්දම් පිළිබඳ කථාය, සුවඳ පිළිබඳ කථාය, ඤාතීන් පිළිබඳ කථාය, යානා පිළිබඳ කථාය, ගම් පිළිබඳ කථාය, නියම්ගම් පිළිබඳ කථාය, නගර පිළිබඳ කථාය, දනව් පිළිබඳ කථාය, ස්ත්‍රීන් පිළිබඳ කථාය, සූරයන් පිළිබඳ කථාය, වීථින් පිළිබඳ කථාය, පැන්තොටවල් පිළිබඳ කථාය, පෙර මියගිය නෑයන් පිළිබඳ කථාය, මෙයින් අන්‍යවූ නොයෙක් නිරර්ථක කථාය, ලොව අගමුල පිළිබඳ කථාය, සමුද්‍ර පිළිබඳ කථාය, දියුණුව මෙසේ වෙයි, පිරිහීම මෙසේ වෙයි යනුවෙන් කරන තීර්ථක කථාය යන මොහුයි. ඊට හේතු කවරේද?
“මේ කථා අර්ථය පිණිස පවත්නේ නොවෙයි. ආදි බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූයේ නොවෙයි. කලකිරීම පිණිස නොඇලීම පිණිස, නිරෝධය පිණිස සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස නිවන් පිණිස නොපවතියි.
“මහණෙනි, තෙපි කථාකරන්නහු නම් මේ දුකයයි කථා කරව්, මේ දුක්ඛ සමුදයයි කථා කරව්, මේ දුක්ඛ නිරෝධ යයි කථා කරව්, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායයි කථා කරව්. ඊට හේතු කවරේද?
“මහණෙනි, මේ කථාව අර්ථය පිණිස පවත්නේ වෙයි. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. කලකිරීම පිණිස නොඇල්ම පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශේෂ නුවණින් දැනීම පිණිස, මනා අවබෝධය පිණිස, නිවන් පිණිස පවතී.
‘මහණෙනි, එහෙයින් මේ දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි, මේ දුක් ඉපදීමේ හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි, මේ දුක්ඛ නිරෝධයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයි, මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි දැනගැනීම පිණිස උත්සාහ කටයුතුයයි” වදාළසේක.
https://pitaka.lk/main?n=252121&p=1080
“මහණෙනි, ශ්‍රද්‍ධාවෙන් ගිහිගෙයින් නික්ම, අනගාරිය නම් ශාසනයෙහි පැවිදිවූ යම් බඳුවූ තෙපි රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍යයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බියවීම පිළිබඳ කථා, යුද්‍ධ පිළිබඳ කථා, ආහාර පිළිබඳ කථා, පානය පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, නිදීම පිළිබඳ කථා, මල් පිළිබඳ කථා, ගඳ සුවඳ පිළිබඳ කථා, ඤාතීන් පිළිබඳ කථා, යානා පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම් ගම් පිළිබඳ කථා, නුවර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, සූරකම් පිළිබඳ කථා, මාර්‍ග පිළිබඳ කථා, වතුර ගෙන යන තැන් පිළිබඳ කථා, පූර්‍ව ප්‍රෙතයන් පිළිබඳ කථා, නොයෙක් ආකාර ඇති කථා, ලෝකයේ අග මුල ගැන කථා, භවයෙන් භවය පිළිබඳ කථා, යන නානාප්‍රකාර කථාවෙන් යුක්තව වාසය කරව්ද, මෙය තොපට නුසුදුසුය.
“මහණෙනි, මේ කථා වස්තු දසයක් වෙත්. කවර දසයක්ද යත්, ආශා අඩු කථාය, ලද දෙයින් සතුටුවන කථාය, විවේක පිළිබඳ කථාය, නොඇලීම පිළිබඳ කථාය, වීර්‍ය්‍යය පටන් ගැනීම පිළිබඳ කථාය, ශීලය පිළිබඳ කථාය, සිත එකඟ කිරීම පිළිබඳ කථාය, ප්‍රඥාව පිළිබඳ කථාය, කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ කථාය, ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණ පිළිබඳ කථාය. මහණෙනි, මේ දස කථා වස්තූහු වෙත්. මහණෙනි, තෙපි මේ දස කථා වස්තු ගනිමින්ම කථා කියව්. මෙසේ මහත් ඎද්‍ධි ඇති, මහත් ආනුභාව ඇති, මේ චන්‍ද්‍ර සූර්‍ය්‍යයන්ගේ තම තෙදින් ඒ තෙද යට කරව්. අන්‍ය තීර්ත්‍ථක ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන කියනුම කවරේද?”
https://pitaka.lk/main?n=35169
"එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා උපට්ඨානසාලායං සන්නිසින්නා සන්නිපතිතා අනෙකවිහිතං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - (දී. නි. 1.17; ම. නි. 2.223; සං. නි. 5.1080; පාචි. 508) රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං (ඉත්ථිකථං පුරිසකථං (ක.) ම. නි. අට්ඨ. 2.223 පස්සිතබ්බං) සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වාති.
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා සන්නිපතිතා, කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති?
‘‘ඉධ මයං, භන්තෙ, පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා උපට්ඨානසාලායං සන්නිසින්නා සන්නිපතිතා අනෙකවිහිතං තිරච්ඡානකථං අනුයුත්තා විහරාම, සෙය්‍යථිදං - රාජකථං චොරකථං...පෙ.... ඉතිභවාභවකථං ඉති වා’’ති. ‘‘න ඛො පනෙතං, භික්ඛවෙ, තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධාය අගාරස්මා අනගාරියං පබ්බජිතානං, යං තුම්හෙ අනෙකවිහිතං තිරච්ඡානකථං අනුයුත්තා විහරෙය්‍යාථ, සෙය්‍යථිදං - රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වාති.
‘‘දසයිමානි , භික්ඛවෙ, කථාවත්ථූනි. කතමානි දස? අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවෙකකථා , අසංසග්ගකථා, වීරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථාති - ඉමානි ඛො, භික්ඛවෙ, දස කථාවත්ථූනි.
‘‘ඉමෙසං චෙ තුම්හෙ, භික්ඛවෙ, දසන්නං කථාවත්ථූනං උපාදායුපාදාය කථං කථෙය්‍යාථ, ඉමෙසම්පි චන්දිමසූරියානං එවංමහිද්ධිකානං එවංමහානුභාවානං තෙජසා තෙජං පරියාදියෙය්‍යාථ, කො පන වාදො අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකාන’’න්ති! නවමං."