883. අකුසල කර්ම විපාකයන්, කුසල කර්මවලින් යටපත් කළ හැකි ද?

“දසබලයන්වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැඟී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රීමුඛ බුද්ධවචන ගංගාවෝ, ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින්, බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤ ❤❤❤

Q. අප කරන්නා වු අකුසල කර්ම විපාකයන්, කුසල කර්ම වලින් කපා දැමිය හැකිද...?

A. “මහණෙනි, යමෙක් ‘මේ පුරුෂ තෙමේ යම් යම් ආකාරයකින් කර්ම කෙරේද, ඒ කර්මය ඒ ඒ ආකාරයෙන් විපාක දෙන්නේය’ යි කියන්නේ නම් මහණෙනි, එසේ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යය වාසයක් නොවන්නේය. මනාව දුක් කෙළවර කිරීමට අවකාශයක් නොපෙනෙන්නේය..
“මහණෙනි, යමෙක් (දිට්ඨ ධම්ම වේදනීයාදී වශයෙන්) යම් යම් ආකාරයකින් විණද යුතුවූ කර්ම කෙරේද, ඒ කර්මයාගේ විපාක ඒ ඒ ආකාරයෙන් විඳින්නේයයි කියන්නේ නම් එසේ ඇති කල්හි මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍ය වාසයක් ඇත්තේය. මනාව දුක් කෙළවර කිරිමට අවකාශයක් පෙනෙන්නේය.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු විසින් ස්වල්ප මාත්‍ර පාපයකුදු කරන ලද්දේද, ඒ පාප කර්මය ඔහු නිරයට පමුණුවයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරණ ලද එබඳුවූම ස්වල්ප මාත්‍ර පාපය මේ ආත්මයෙහිම විපාක දෙන කර්මයක් වේ. පරලොව ස්වල්ප විපාකයකුද්‍ර නොදෙයි. බොහෝ විපාක ගැන කියනුම කිම?
“මහණෙනි, කවර පුද්ගලයෙකු විසින් ස්වල්ප මාත්‍ර පාපයකුදු කරණ ලද්දේ නම්, ඒ පාප කර්‍මය ඔහු නිරයට පමුණුවයිද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නොවඩන ලද කය ඇත්තාවූද, නොවඩන ලද සිල් ඇත්තාවූද, නොවඩන ලද සිත් ඇත්තාවූද වෙයිද, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූද, ගුණයෙන් කුඩාවූද, ගුණ හීන කයක් ඇත්තාවූද, සුලු පවකද දුක් විඳින්නෙක් වේද, මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් සුලු පවක් කරණ ලද්දේද, එය ඔහු නිරයට පමුණුවයි.
“මහණෙනි, කෙබඳුවූ පුද්ගලයකු විසින් කරණ ලද එබඳුවූ ස්වල්ප මාත්‍ර කර්මය මේ ආත්මයෙහි විපාක දෙන පරලොව බොහෝවූ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වඩනලද කය ඇති, වඩනලද සිල් ඇති, වඩන ලද සිත් ඇති, වඩනලද ප්‍රඥාව ඇති, ගුණයෙන් කුඩා නොවූ, ගුණ මහත්‍වයෙන් මහත්වූ, රහත් භික්‍ෂුවක් වෙයිද, මහණෙනි, එබඳු පුද්ගලයා විසින් කරණ ලද එබඳු ස්වල්ප කර්මය මේ ආත්මයෙහිම විපාක දෙන පරලොව බොහෝ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වෙයි.
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් කුඩා වතුර භාජනයකට ලුණු කැටයක් දමන්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ඒ කුඩා දිය බඳුනෙහි ඒ ස්වල්ප ජලය ඒ ලුණු කැටයෙන් නොබිය හැකි ලුණු රස වන්නේද? - “ස්වාමීනි, එසේය.”
“ඊට හේතුව කවරේද?” - “ස්වාමීනි, ඒ දිය බඳුනෙහි ස්වල්ප ජලය ඒ ලුණු ඇටයෙන් නොබිය හැකි ලුණු රස වන්නේය.
“මහණෙනි, යම්සේ පුරුෂ තෙමේ ලුණු ඇටයක් ගංගා නම් ගඟෙහි දමන්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? ගංගානම් ගඟ ඒ ලුණු ඇටයෙන් නොබිය හැකි ලුණු රස වන්නේද?’ - “ස්වාමීනි, එසේ නොවේමය.”
“ඊට හේතු කවරේද?” - “ස්වාමීනි, ඒ ගංගානම් ගඟෙහි මහා දිය කඳ ඒ ලුණු ඇටයෙන් ‘නොබිය හැකි ලුණු රස’ නොවන්නේය.”
“මහණෙනි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් කරණ ලද ස්වල්පවූ පාප කර්මයද ඔහු නිරයට පමුණුවයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරණ ලද එබඳුවූම ස්වල්ප මාත්‍ර පාප කර්මය මේ ආත්මයෙහි විපාක දෙන්නාවූ පරලොව බොහෝ විපාක ලබා සුලු විපාකයකුදු නොදෙන්නාවූ කර්මයක් වෙයි.
“මහණෙනි, කවර පුද්ගලයෙකු විසින් ස්වල්ප මාත්‍ර පාපයකුදු කරණ ලද්දේ නම්, ඒ පාප කර්‍මය ඔහු නිරයට පමුණුවයිද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නොවඩන ලද කය ඇත්තාවූද, නොවඩන ලද සිල් ඇත්තාවූද, නොවඩන ලද සිත් ඇත්තාවූද වෙයිද, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූද, ගුණයෙන් කුඩාවූද, ගුණ හීන කයක් ඇත්තාවූද, සුලු පවකද දුක් විඳින්නෙක් වේද, මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් සුලු පවක් කරණ ලද්දේද, එය ඔහු නිරයට පමුණුවයි.
“මහණෙනි, කෙබඳුවූ පුද්ගලයකු විසින් කරණ ලද එබඳුවූ ස්වල්ප මාත්‍ර කර්මය මේ ආත්මයෙහි විපාක දෙන පරලොව බොහෝවූ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වඩනලද කය ඇති, වඩනලද සිල් ඇති, වඩන ලද සිත් ඇති, වඩනලද ප්‍රඥාව ඇති, ගුණයෙන් කුඩා නොවූ, ගුණ මහත්‍වයෙන් මහත්වූ, රහත් භික්‍ෂුවක් වෙයිද, මහණෙනි, එබඳු පුද්ගලයා විසින් කරණ ලද එබඳු ස්වල්ප කර්මය මේ ආත්මයෙහිම විපාක දෙන පරලොව බොහෝ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වෙයි.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් අඩ කහවණුවෙනුදු හිර දඬුවමට පැමිණෙයි. කහවණුවෙනුදු හිර දඬුවමට පැමිණෙයි.”
“කහවණු සියයකිනුදු හිර දඬුවමට පැමිණෙයි. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අඩ කහවණුවෙනුදු හිර දඬුවමට නොපැමිණෙයි. කහවණුවෙනුදු හිර දඬුවමට නොපැමිණෙයි. කහවණු සියයකිනුදු හිර දඬුවමට නොපැමි ණෙනි. මහණෙනි, කෙබඳු පුද්ගලයා අඩ කහවණුවෙනුදු, කහවණුවෙනුදු, කහවණු සියයෙනුදු හිර දඬුවමට පැමිණෙයිද?
“මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් ධනය නැත්තාවූ, කිසිවක් කරගත නොහැකිවූ දිලින්දෙක් වෙයිද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ අඩ කහවණුවෙනුදු සිර දඬුවමට පැමිණෙයි. කහවණුවෙනුදු සිර දඬුවමට පැමිණෙයි. කහවණු සියයකිනුදු සිර දඬුවමට පැමිණෙයි. මහණෙනි, කෙබඳුවූ පුද්ගල තෙමේ අඩ කහවණුවෙනුදු සිර දඬුවමට නොපැමිණෙයිද. කහවණුවෙනුදු සිර දඬුවමට නොපැමිණෙයිද. කහවණු සියයකිනුදු සිර දඬුවමට නොපැමිණෙයිද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ධනයෙන් ආඪ්‍යවේද, මහත් ධන ඇත්තේ වේද, මහත් භෝග ඇත්තේ වෙයිද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ අඩ කහවණුවෙනුදු සිර දඬුවමට නොපැමිණෙයි. කහවණුවෙනුදු සිර දඬුවමට නොපැමිණෙයි. කහවණු සියයකිනුදු සිර දඬුවමට නොපැමිණෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් කරණ ලද සුලු පාප කර්මයද ඔහු නිරයට පමුණුවයි. මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරණ ලද එබඳු ස්වල්ප මාත්‍ර කර්‍මය මේ ආත්මයෙහි විපාක දෙන කර්‍මයක්ව පරලොව බොහෝ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්‍මයක් වෙයි.
“මහණෙනි, කෙබඳු පුද්ගලයකු විසින් කරණ ලද ස්වල්ප මාත්‍රවූද කර්‍මය ඔහු නිරයට පමුණුවයිද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වඩන ලද කය ඇති වඩන ලද සිල් ඇති, වඩන ලද සිත් ඇති, වඩන ලද ප්‍රඥාව ඇති, ගුණයෙන් කුඩා නොවූ, ගුණ මහත්වයෙන් මහත්වූ රහත් භික්‍ෂුවක් වෙයිද, මහණෙනි, එබඳුවූ පුද්ගලයා විසින් කරන ලද ස්වල්පවූද පාප කර්මය ඔහු නිරයට පමුණුවයි.
“මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් කරන ලද පරලොව බොහෝවූ විපාක තබා සුලු විපාකයකුඳු නොදෙයි. මහණෙනි, යම් සේ එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවකු සොරකම් කරන්නාවූ ඇතමෙකු නසන්ට හෝ සිර කරන්ට හෝ ධනයෙන් පිරිහෙවන්ට හෝ කැමැත්තක් කරන්නට හෝ සමර්‍ථ වෙයි.
“එළුවෙකු සොරකම් කරන්නාවූ ඇතමෙකු නසන්නට හෝ සිර කරන්නට හෝ ධනයෙන් පිරිහෙවන්නට හෝ කැමැත්තක් කරන්නට හෝ නුපුළුවන් වෙයි. මහණෙනි, එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවන් සොරකම් කරන්නාවූ කෙබන්දෙකු නසන්ට හෝ සිර කරන්ට හෝ ධනයෙන් පිරිහෙවන්ට හෝ් කැමැත්තක් කරන්ට හෝ සමර්‍ථ වෙයිද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් ස්වල්ප ධනය ඇත්තාවූ, කිසිවක් කරගත නොහැකි දිළින්දෙක් වෙයිද, මහණෙනි, එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවකු සොරකම් කරන්නාවූ මෙබඳු පුද්ගලයා මරන්නට හෝ සිර කරන්නට හෝ ධනයෙන් පිරිහෙවන්නට හෝ කැමැත්තක් කරන්නට හෝ සමර්‍ථ වෙයි.
“මහණෙනි, එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවකු සොරකම් කරන්නාවූ කෙබඳු පුද්ගලයා මරන්නට හෝ සිර කරන්නට හෝ ධනයෙන් පිරිහෙවන්නට හෝ කැමැත්තක් කරන්නට හෝ සමර්‍ථ නොවේද?
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ධනයෙන් ආඪ්‍යවූයේද, මහත් ධන ඇත්තේද, මහත් භෝග ඇත්තේද, රජෙක් හෝ වේද, රාජ මහාමාත්‍යයෙක් හෝ වේද, මහණෙනි, එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවකු සොරකම් කරන්නාවූ එබඳු පුද්ගලයා නසන්නට හෝ සිර කරන්නට හෝ ධනයෙන් පිරිහෙවන්නට හෝ කැමැත්තක් කරන්නට හෝ සමර්‍ථ නොවේ. ඒකාන්තයෙන්, පින්වත, මාගේ එඵවා හෝ එළුවාගේ වටිනාකම හෝ දෙවයි ඔහුට යාඥා කරන්නේය.
“මහණෙනි, එසේම අතැම් පුද්ගලයකු විසින් කරන ලද ස්වල්ප මාත්‍ර කර්මයද ඔහු නිරයට පමුණුවයි. මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරනලද එබඳුවූම ස්වල්පමාත්‍ර කර්මය මේ ආත්මයෙහි විපාක දෙන පරලොව බෙහෝවූ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වෙයි.
“මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් කරණ ලද ස්වල්පමාත්‍රවූද කර්‍මය ඔහු නිරයට පමුණුවයිද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් වඩන ලද කය ඇති, වඩන ලද සිල් ඇති, වඩන ලද සිත් ඇති, වඩන ලද ප්‍රඥාව ඇති, ගුණයෙන් කුඩා නොවූ, ගුණ මහත්වයෙන් මහත්වූ, රහත් භික්‍ෂුවක් වෙයිද,
“මහණෙනි, මේ පුරිස තෙමේ යම් යම් ආකාරයකින් කර්ම කෙරේද, ඒ කර්‍මය ඒ ඒ ආකාරයෙන් විපාක දෙන්නේයයි යමෙක් මෙසේ කියන්නේද, මහණෙනි, එසේ ඇති කල්හි මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවක් නොවන්නේය. මනාකොට දුක් කෙළවර කිරීමකගේ අවකාශය නොපෙනෙන්නේය. මහණෙනි, මේ පුරුෂ තෙමේ යම් යම් ආකාරයකින් විඳිය යුතු ඒ ඒ ආකාරයෙන් ඔහු විසින් විපාක විඳිය යුතු වන්නේයයි යමෙක් කියන්නේද, මහණෙනි, එසේ ඇති කල්හි මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යයාව වන්නේය. මනාකොට දුක් කෙළවර කිරීමේ අවකාශය පෙනෙන්නේය."


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා, අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූ!"

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll