චතුමහාපදෙසකථා - චතුර් මහා අපදේස කථා.

මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේද, ‘ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපිටදීම අසනලදී. මෙය භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරිපිටදීම පිළිගන්නාලදී. මේ ධර්මයයි, මේ විනයයි, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනයයි’ කියායි. මහණෙනි, මෙසේ කියනලද ඒ මහණහුගේ වචනයට පළමුවෙන්ම (එක්වරටම) සතුටු නොවිය යුත්තේය. (ආක්‍රොශ වශයෙන්) අහක නොදැමිය යුත්තේය. සතුටුද නොවී, ප්‍රතික්ෂෙපද නොකොට ඒ පද ව්‍යංජනයන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මයෙහි බහා සසඳා බැලිය යුතුය. විනය ධර්මය හා සංසන්දනයකොට (එක්කර) බැලිය යුතුය. ඉඳින් ඒ ධර්මයෝ සූත්‍ර ධර්මය හා සම නොවන්නාහු නම්, විනය ධර්මය හා සංසන්දනය (එක්වීම) නොවන්නාහු නම්, ඒකාන්තයෙන් මේ වචනය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් (ධර්මයක්) නොවේ. මේ වචනය මේ භික්ෂූව විසින්ම වරදවා ගන්නා ලද්දකැයි තීරණයට පැමිණිය යුත්තේය. මෙසේ මේ වචනය දුරුකට යුත්තේය.
“සූත්‍ර ධර්මය හා සමකර බලන්නේ, විනය ධර්මය හා සංසන්දනයකර බලන්නේ, සූත්‍ර ධර්මය හා සම වෙද්ද, විනය ධර්ම හා සංසන්දනය වෙද්ද, මේ වචනය ඒකන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වචනයක්මයයිද, මේ භික්ෂූව විසින්ද ඒ වචනය මනාකොට ගන්නා ලද්දේයයි තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මේ පළමුවැනි මහාපදෙශ ධර්මයයයි සිත්හි දරා ගනිත්වා.
මහණෙනි, මේ ශාසනයෙහි යම් භික්ෂුවක්, ‘අසවල් ආවාසයෙහි ප්‍රධානවූ ස්ථවිරයන් සහිත භික්ෂු සංඝයා වාසය කරයි මේ ධර්මයයිද, මේ විනයයයිද, මේ ශාස්තෲන්වහන්සේගේ අනුශාසනාවයයිද, ඒ සංඝයාගේ ඉදිරිපිටදීම අසන ලද්දේය ඒ සංඝයා ඉදිරියේදීම පිළිගන්නා ලද්දේයයි’ මෙසේ කියන්නේ වේද, මහණෙනි, මෙසේ කියනලද ඒ මහණහුගේ වචනයට එක්වරම සතුටුනොවිය යුතුයි අත්හැර දැම්මද නොකළ යුතුය. සතුටුත් නොවී, අත්හැර දැම්මත් නොකොට ඒ ව්‍යංජන සහිත පදයන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මයෙහි බහාලිය යුත්තේය, විනය නීතිය හා සංසන්දනය කළ යුතුය. ඉදින් ඒ වචනය සූත්‍ර ධර්මය හා සම නොවන්නේද, විනය නීතිය හා එක් නොවන්නේද ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවන්නේය. ඒ සංඝයාද මේ වචනය වරදවාගන්නා ලද්දකැයි තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මෙසේ මෙය දුරුකට යුත්තේය ඉදින් ඒ වචනය සූත්‍ර ධර්මය හා සමකරන්නේ, විනය නීතිය හා සංසන්දනය කරන්නේ, සූත්‍ර ධර්මය හා සමවේද විනය නීතිය හා සංසන්දනය වේද ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේම වචනයක්යයි කියාද, ඒ සංඝයාද මනාකොට ගන්නා ලද්දකැයි කියාද තීරණයටපැමිණිය යුත්තේය. මහණෙනි මේ දෙවැනි මහපදෙශ ධර්මයයි සිත්හි දරාගනිව්
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේද, අසවල් නම් ආවාසයෙහි බහුශ්‍රැතවූ (බොහෝ උගත්) ආගතාගමවූ, (පැමිණි පිටකත්‍රය ඇති) ධර්මය දන්නාවූ විනය දන්නාවූ, මාතෘකා පාලිය දන්නාවූ, බොහෝවූ ස්ථවිර භික්ෂුහු වසන්නාහ. මා විසින් මේ ධර්මයයි කියාද මේ විනයයයි කියාද, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවයයි කියාද, ඒ තෙරුන්ගේ ඉදිරියේදීම අසනලදී. ඒ තෙරුන්ගේ ඉදිරියේදීම පිළිගන්නා ලදී.’ මෙසේ කියනලද ඒ මහණහුගේ වචනයට සතුටු නොවිය යුත්තේය. අහක දැමීමද නොකට යුත්තේය. එසේ සතුටුත් නොවි, ප්‍රතික්ෂෙපද නොකොට පද ව්‍යංජනයන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මය හා සම කළ යුත්තේය. විනය නීතිය හා සංසන්දනය කළ යුත්තේය සූත්‍ර ධර්මය හා සම කරන කල්හිද, විනය නීතිය හා සංසන්දනය කරන කල්හිද සූත්‍ර ධර්මය හා නොගැළපේද විනය නීතිය හා සංසන්දනය නොවේද, ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවන්නේ යයි තීරණයට යා යුත්තේය. ඒ තෙරුන් විසින්ද මේ වචනය වරදවා ගන්නා ලද්දකැයිද කියා, මහණෙනි, ඒ වචනය දුරු කට යුත්තේය.
“ඉදින් ඒ වචන සූත්‍ර ධර්මය හා සම කරන ලද්දේ විනය නීතිය හා සමකරන ලද්දේ, සූත්‍ර ධර්මය හා සමවෙද්ද, විනය නීතිය හා සමවෙද්ද, ඒකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙකැයි තීරණයට පැමිණිය යුත්තේය. ඒ තෙරුන් වහන්සේ විසින්ද මනාකොට ගන්නා ලද්දකැයි තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මේ තුන්වැනිවූ මහාපදෙස ධර්මයයි. හොඳින් (සිත්හි) දරාගනිව්.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මෙසේ කියන්නේද, ‘අසවල් ආවාසයෙහි බහුශ්‍රැතවූ (බොහෝ උගත්) ආගතාගමවූ, (පැමිණි පිටකත්‍රය ධර්මය ඇති) ධර්මය දන්නාවූ විනය දන්නාවූ, මාතාකාපාලිය දන්නාවූ එක් ස්ථවිර භික්ෂූවක් වසයි. මා විසින් මේ ධර්මයයි කියාද, මේ විනය නීතිය යයි කියාද, මේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවයයි කියාද, ඒ තෙරුන්ගේ ඉදිරියේදීම අසන ලදී. ඒ තෙරුන්ගේ ඉදිරියේදීම පිළිගන්නාලදී’ කියායි. මහණෙනි, ඒ මහණහුගේ වචනයට සතුටු නොවිය යුත්තේය. අහක දැමීමද නොකට යුත්තේය. සතුටුද නොවී අහකද නොදමා පද ව්‍යංජන වශයෙන් හොඳින් ඉගෙන සූත්‍ර ධර්මය හා සමකළ යුත්තේය. විනය නීතිය හා සංසන්දනය කළ යුත්තේය. ඉදින් ඒ වචන සූත්‍ර ධර්මය හා සමකරන කල්හිද, විනය නීතිය හා සංන්දනය කරන කල්හිද, ඉදින් සූත්‍රධර්මය හා නොගැළපේද, විනය නීතිය හා නොසැසඳේද, එකාන්තයෙන් මේ වචනය භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නොවන්නේයයි තීරණයට පැමිණිය යුත්තේය. ඒ තෙරුන් විසින්ද මේ වචනය වරදවා ගන්නා ලද්දකැයිද තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, ඒ නිසා මේ වචනය දුරු කට යුත්තේය.
“ඉදින් ඒ වචනය සූත්‍ර ධර්මය හා සමකරන ලද්දේ, විනය නීතිය හා සංසන්දනය කරනලද්දේ, සූත්‍ර ධර්මය හා ගැළපේද විනය නීතිය හා ගැළපේද, මේ වචනය ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේගේ වචනයකැයි කියාද, ඒ තෙරුන් විසින්ද මනාකොට ගන්නා ලද්දකැයි කියාද තීරණයට පැමිණිය යුත්තේය. මහණෙනි, මේ වනාහි මේ සතර වැනිවූ මහාපදෙශ ධර්මයයි. මහණෙනි, මේ වනාහි ඒ සතර මහාපදෙශ ධර්මයෝයයි හොඳින් දරාගනිව්."

[“… සූත්‍ර ධර්මයෙහි බහා සසඳා බැලිය යුතුය. විනය ධර්මය හා සංසන්දනයකොට (එක්කර) බැලිය යුතුය.” ‘‘බහා බැලිය යුතු සූත්‍රය නම් චතුරාර්ය සත්‍යයයි, ධර්මය නම් පටිච්ච සමුප්පාදයයි, සැසඳිය යුතු විනය නම් රාග විනය – ද්වේශ විනය – මෝහ විනයයි. (නෙත්තිප්ප‍්‍රකරණය – 39 පිටුව – යුක්තිහාර විභංගය)” 

"එහි යුක්තිහාරය කවරෙ යැ: “සබ්බෙසං හාරානං” යන මේ යුක්තිහාර යි. කුමක් යොදා යැ යත්: සතර මහාඅපදේසයෝ යි: බුද්ධාපදේස යැ සඞ්ඝාපදේස යැ සම්බහුලත්ථෙරාපදේස යැ එකත්ථෙරාපදේස යි. මොහු සතර මහා - අපදෙසයෝ යි. (කිසිවක්හු විසින් එළවනලද සූත්‍ර‍යක හෝ සංවර්ණකයා විසින් සංවර්ණනාවශයෙන් ලබන සූත්‍ර‍යාගේ හෝ) ඒ අර්ථපද ව්‍යඤ්ජනපදයෝ සූත්‍රයෙහි බහාලියැයුත්තාහ විනයෙහි ලා සසඳාලියැයුත්තාහ, ධර්මතායෙහි බස්වාලියැයුත්තාහ. කවර ස්‍රූත්‍රයෙක‍ අවතරණ කළ යුත්තාහ යත්: සතර ආර්‍ය්‍යසත්‍යසූත්‍රයෙහි යැ. කවර විනයෙක සසඳාලියැ යුත්තාහ යත්: රාගවිනයෙහි දෝසවිනයෙහි මෝහවිනයෙහි යැ. කවර ධර්මතායෙක බස්වාලියැයුත්තාහ යත්: ප්‍ර‍තීත්‍යසමූත්පාද ධර්මතායෙහි යි. ඉදින් චතුරාර්‍ය්‍යසත්‍යයෙහි බැසැගනී නම්, ක්ලේශවිනයෙහි ලා සැසැ‍ෙඳ් නම්, ධර්මතාවට ද විරුද්ධ නොවේ නම් මෙසේ කාමාදි ආස්‍ර‍වයන් නූපදවා නම්, සතර මහාපදේසයන් හා යම් යම් අර්ථධර්ම, ජාතයෙක් යෙදේද, යම් යම් කරුණෙකින් යෙදේ ද, යම් යම් ප්‍ර‍කාරයෙකින් යෙදේ ද ඒ ඒ අර්ථධර්මජාතය (සූත්‍රයෙන් නඟා සංවර්ණනාවශයෙන්) ගතයුත්තේ යි."

සතර මහා අපදේශ = චතුමහාපදෙසකථා.

☞ චතුමහාපදෙසවණ‍්ණනා.

{‘‘ඉධ, භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්‍ය - ‘සම්මුඛා මෙතං, ආවුසො, භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං, අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔසාරෙතබ්බානි (ඔතාරෙතබ්බානි), විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔසාරියමානානි (ඔතාරියමානානි) විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔසරන්ති (ඔතරන්ති (සී. පී. අ. නි. 4.180), න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා, ඉදං න චෙව තස්ස භගවතො වචනං; ඉමස්ස ච භික්ඛුනො දුග්ගහිත’න්ති. ඉතිහෙතං, භික්ඛවෙ, ඡඩ්ඩෙය්‍යාථ. තානි චෙ සුත්තෙ ඔසාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔසරන්ති, විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා, ඉදං තස්ස භගවතො වචනං; ඉමස්ස ච භික්ඛුනො සුග්ගහිත’න්ති. ඉදං, භික්ඛවෙ, පඨමං මහාපදෙසං ධාරෙය්‍යාථ.
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්‍ය - ‘අමුකස්මිං නාම ආවාසෙ සඞ්ඝො විහරති සථෙරො සපාමොක්ඛො. තස්ස මෙ සඞ්ඝස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං, අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔසාරෙතබ්බානි, විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔසාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔසරන්ති, න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා, ඉදං න චෙව තස්ස භගවතො වචනං; තස්ස ච සඞ්ඝස්ස දුග්ගහිත’න්ති. ඉතිහෙතං, භික්ඛවෙ, ඡඩ්ඩෙය්‍යාථ. තානි චෙ සුත්තෙ ඔසාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔසරන්ති විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා , ඉදං තස්ස භගවතො වචනං; තස්ස ච සඞ්ඝස්ස සුග්ගහිත’න්ති. ඉදං, භික්ඛවෙ, දුතියං මහාපදෙසං ධාරෙය්‍යාථ.
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්‍ය - ‘අමුකස්මිං නාම ආවාසෙ සම්බහුලා ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා. තෙසං මෙ ථෙරානං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං - අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං...පෙ.... න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා, ඉදං න චෙව තස්ස භගවතො වචනං; තෙසඤ්ච ථෙරානං දුග්ගහිත’න්ති. ඉතිහෙතං, භික්ඛවෙ, ඡඩ්ඩෙය්‍යාථ. තානි චෙ සුත්තෙ ඔසාරියමානානි...පෙ.... විනයෙ ච සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා, ඉදං තස්ස භගවතො වචනං; තෙසඤ්ච ථෙරානං සුග්ගහිත’න්ති. ඉදං, භික්ඛවෙ, තතියං මහාපදෙසං ධාරෙය්‍යාථ.
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු එවං වදෙය්‍ය - ‘අමුකස්මිං නාම ආවාසෙ එකො ථෙරො භික්ඛු විහරති බහුස්සුතො ආගතාගමො ධම්මධරො විනයධරො මාතිකාධරො. තස්ස මෙ ථෙරස්ස සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං - අයං ධම්මො අයං විනයො ඉදං සත්ථුසාසන’න්ති. තස්ස, භික්ඛවෙ, භික්ඛුනො භාසිතං නෙව අභිනන්දිතබ්බං නප්පටික්කොසිතබ්බං. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා තානි පදබ්‍යඤ්ජනානි සාධුකං උග්ගහෙත්වා සුත්තෙ ඔසාරිතබ්බානි, විනයෙ සන්දස්සෙතබ්බානි. තානි චෙ සුත්තෙ ඔසාරියමානානි විනයෙ සන්දස්සියමානානි න චෙව සුත්තෙ ඔසරන්ති, න ච විනයෙ සන්දිස්සන්ති, නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා, ඉදං න චෙව තස්ස භගවතො වචනං; තස්ස ච ථෙරස්ස දුග්ගහිත’න්ති. ඉතිහෙතං, භික්ඛවෙ, ඡඩ්ඩෙය්‍යාථ. තානි ච සුත්තෙ ඔසාරියමානානි විනයෙ සන්දස්සියමානානි සුත්තෙ චෙව ඔසරන්ති, විනයෙ ච සන්දිස්සන්ති , නිට්ඨමෙත්ථ ගන්තබ්බං - ‘අද්ධා , ඉදං තස්ස භගවතො වචනං; තස්ස ච ථෙරස්ස සුග්ගහිත’න්ති. ඉදං, භික්ඛවෙ, චතුත්ථං මහාපදෙසං ධාරෙය්‍යාථ. ඉමෙ ඛො, භික්ඛවෙ, චත්තාරො මහාපදෙසෙ ධාරෙය්‍යාථා’’ති.
තත්‍රපි සුදං භගවා භොගනගරෙ විහරන්තො ආනන්දෙ චෙතියෙ එතදෙව බහුලං භික්ඛූනං ධම්මිං කථං කරොති - ‘‘ඉති සීලං, ඉති සමාධි, ඉති පඤ්ඤා. සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො . සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා. පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චති, සෙය්‍යථිදං - කාමාසවා, භවාසවා, අවිජ්ජාසවා’’ති."}

dhamma.lk.ingreesi.com © 2016 - 2020. Powered by Blogger.
෴ ශාක්‍යමුණීන්ද්‍රෝත්තමෝපහාර දම් පඬුර! ෴


෴ An AnglomaniA IngreesI (රාවණ යක්ඛ) and *A Bona Fide CreatioN ෴

Auto Scroll Stop Scroll